Colombo Today Local News

පසුගිය අරගල සමයේදී සිදුවූ දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලිය යුතුයි – විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය අරගල සමයේදී සිදුවූ බවට සැක කෙරෙන දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලීමක් කළේය.

අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ එම තේරිම් කාරක සභාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක් කරන ලෙසය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කළේ අරගල සමයේදී සිදුවූ ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙසත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

“අරගල සමයේදී ඔබතුමාව ව්‍යවස්ථාවට පිටින් රටේ ප්‍රධාන වගකීම.. ඒ කියන්නේ ජනාධිපති වගකීම භාරගැනීම සඳහා දෙස් විදෙස් ඇතැම් කණ්ඩායම් බලපෑම් ඇති කරපු බවට ඒ වගේම “09 සැඟවුණු කථාව” කියලා මම පොතක් එළිදැක්වූවා ඒ පොතේ ඒ කරුණ මම විවෘත්තව එළිදැක්වුවා ඔබතුමාට කුමන තානාපති කාර්යාලද, කුමන තානාපතිවරුන්ද සහ දේශපාලඥයින් කවුරුන්ද ඒ බලපෑම එල්ල කළේ කියලා.”

“හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොතෙත් සඳහන් වෙනවා දෙස් විදෙස් බලවේග නිසා ඔහුට ඒ තනතුර අතහැරයාමට සිදුවූ තත්ත්වයක් ඇති කරන ලද බව. දැන් මේ කරුණ 03 සත්‍ය නම් මේක ඉතා බරපතළ තත්ත්වයක්. මේක මේ රටේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක අතීතයට පවරලා වෙච්ච දේ වුණා ඔන්න ඔහේ එච්චරයි දැන් අපි ඒ ගැන කථා කරලා වැඩක් නෑ කියලා හිතනවනම් ඒක මේ රටේ පරමාධිපත්‍ය හිමි මහජනතාවට කරන බරපතළ අවමානයක්.”

“ඒ නිසා මන්ත්‍රීවරයෙක් හැටියට මම කථානායක තුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඇති වුණ සංසිද්ධිය පිළිබඳ.. අපේ රටේ ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද? ඒ අවස්ථාවේ ව්‍යවස්ථාවට පිටින් තීරණ ගන්න පෙළඹෙව්වේ කව්ද? ඒ අය කුමන අරමුණක් ඇතිව ඒක කරාද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන්න මේ සභාවේ ඉදිරි සතියක, දින දෙකක විවාදයක් දෙන්න. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභා පත්වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත තේරිම් කාරක සභාවක් පත් කරන්න. එසේ කිරීමෙන් පමණයි බාහිර රටවලට ඕනේ විදිහට ලංකාවේ ඉරණම් කථාව ලියන්න කැසකවපු ඒ පාපි බලවේග පිළිබඳව කරුණු අනාවරණ කරන්න පුළුවන්.”

Related posts

පුරවැසි බලය ලොක්කෝ රතුඑළි දල්වයි… ජනපති නිවස ඉදිරිපිට මිය යනතුරු උපවාසයකට සැරසෙයි

colombotoday

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

Admin

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday

“යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළා.. නෑ ඉවත් කළේ නෑ” මාධ්‍ය නිවේදන දෙකක් ! ධීවර අමාත්‍යාංශය නිළ වශයෙන්ම බොරු කියයි

colombotoday

වැට් බදු වැඩිකළේ ටික කාලයකටයි.. පසුව තිබුණාටත් වඩා අඩු කරනවා

colombotoday

පවිත්‍රා – ජීවන් කැබිනට් අමාත්‍යධුරවල දිවුරයි

Admin