Colombo Today Local News

ඩොලරය නහුතෙට නගිනවා… යාපනේ කොටි සමරණවා… ජනපති දැන් කතා කරන්නේ අධෝ මුඛයෙන්…

මේ වන විට රුපියලට සාපෙක්ෂව ඩොලරය ඉතාමත් ශක්තිමත් වෙමින් යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය ඡන්දයට බිය නොමැති බවත් ජනාධිපතිවරණයට, මහමැතිවරණයට හොඳම අපේක්ෂකයන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ තුරුම්පු ගහන්නෙ අදාළ මැතිවරණයේදි පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

“යාපනයේ සරසවියේ කොටි සැමරුම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ සිදුවුණානම් තප්පුලන හැටි බලාගන්න තිබුණා. අද ඩොලරය නහුතෙට නගිනවා. බන්දුලට මුදල් ඇමතිකම දුන්නානම් මේක පාලනය කරයිද දන්නේ නෑ. එතුමා ආර්ථික සභාවේ චක්‍රවර්තීනේ.

සිංගප්පූරු ගිවිසුම හොඳ ගිවිසුමක් කිව්වා. ඒක ගැන කෑ ගහපු GMOA එකේ කතාවක් නෑ. අපි කරපු දේවල් හරි කියන තැනට දැන් පත්වෙලා. ක්‍රිකට් කඩා වැටිලා තිබෙනවා. ක්‍රිකට් කඩා වැටීමටත් වග කියන්න ඕන රනිල් වික්‍රමසිංහද?

ජනපතිතුමා එක තැනකදී කටින් කථා කරනවා. තවත් තැනකදී අධෝ මුඛයෙන් කථා කරන හැටි තමයි පේන්න තිබෙන්නේ. දැන් එතුමාගේ අවසන් තුරුම්පුව එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන එකයි.”

Related posts

ජල ගාස්තුවටත් මිල සූත්‍රයක්? පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් වලට දෙන්න යෝජනා

Admin

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

මට්ටක්කුලියේ “නින්ජා” හෙරොයින් ගේද්දී මාට්ටූ

Admin

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin

උතුරු පළාතේ සංවර්ධනය සදහා ආයෝජනයට ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

colombotoday

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

colombotoday