Colombo Today Local News

ජෝන්, අනුර, චන්දිම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් දොට්ට…

රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති චන්දිම වීරක්කොඩි සහ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සභාපති ලෙස සබරගමු හිටපු ඇමැති අතුල කුමාර රාහුබද්ධ මහතා පත්කර ඇති අතර ඔහු රත්නපුර ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධූරයට ද පත්කර ඇත.

ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස රාජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතා පත් කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කම්ටුවේ සම සභාපති ලෙස හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා පත්කරනු ලැබ සිටිති.

ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිරිනැමිනි.

 

Related posts

ඒකාබද්ධය ශ්‍රීපාදයට එරෙහි වෙයි !!

colombotoday

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ!

colombotoday