Colombo Today Local News

ජනපති ඉවත් කරන්න විපක්‍ෂය සැරසෙයි..

මැතිවරණ කොමිසම පත් කෙරුණේ මැතිවරණ පැවැත්වීමට මිස කල් දැමීමට නොවන බැවින් සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මහා මැතිවරණය පැවැත්වීම කොමිසමේ වගකීමක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එතුමා වැඩිදුරටත් පවසා සිටියේ විපක්ෂය පැරණි පාර්ලිමේන්තුව නැවත කැදවාගන්නට උත්සාහ කරන්නේ ජනතාවට ඇති ආදරයට නොවන බවත්ය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉවත් කර ගැනීම සදහා පාර්ලිමේන්තු බලය භාවිතා කිරීමට විපක්ෂය සුදානම් වන බවට ද එතුමා විසින් චෝදනා කළේය.

මිනුවන්ගොඩ නගර සභා මන්ත්‍රී කණ්ඩායම සමග ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබද ව අද (17) දින පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා,

“මැතිවරණ කොමිසම පත් කළේ මේ රටේ මැතිවරණ තියන්න. කොමිසමේ වගකීම තමයි පවතින ඕනෑම තත්ත්වයක් යටතේ සුදුසු පරිදි මැතිවරණ පැවැත්වීමට කටයුතු කිරීම. ඒ නිසා මැතිවරණ කොමිසමට බැහැ කැදවා ඇති මහා මැතිවරණය තවදුරටත් කල් දාන්න. ඔවුන් කළ යුත්තේ මේ වගේ අවස්ථාවක දී සෞඛ්‍ය අංශ එක්ක සාකච්ඡා කිරීමයි. මැතිවරණය පවත්වන සුදුසු ක්‍රමවේදයක් හදලා නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමයි. මොන ප්‍රශ්නය තිබුණත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න මැතිවරණ කොමිසමට පුළුවන්කමක් නෑ. මොකද ඒ කොමිසම පත් කරලා තියෙන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය රැකලා දෙන්න නිසා.

පසුගිය දින 15 ටම සමාජයේ කොරෝනා රෝගීන් කිසිවෙකු හමු නොවු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබුණා. එතකොට අපි රජයක් විදිහට මේ කොරෝනා වසංගතය පාලනය කරන්න කළ හැකි සියලුම දේ කරලා තියෙනවා. ලෝකයෙන් කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් ම තුරන් වෙන්න කාලයක් යාවි. ඒ වෙනතුරු අපි ඡන්දය පවත්වන්නේ නැතුව ඉන්නද? රට සාමාන්‍යකරණය නොකර ඉන්නද? අපිට සිද්ධ වෙනවා කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන ගමන් අපේ සාමාන්‍ය ජන ජීවිතය ගෙනියන්න සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව. ඒ නිසා කොමිසම කළ යුත්තේ සෞඛ්‍ය නිරිදේශ අනුව මැතිවරණය පැවැත්වීම මිස මැතිවරණය කල් දැමීම නොවේ.

රටේ තියෙන තත්ත්වය නිසා මැතිවරණය තියන්න එපා කියලයි විපක්ෂය කියන්නේ. බල්ලගේ වැඩේ බූරුවට කරන්න දෙන්න බෑ. විපක්ෂය කොහොමද මැතිවරණය තියෙන එක ගැන තීන්දු ගන්නේ. පසුගිය යහපාලනයට වුණෙත් බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින් කෙළව ගත්ත එක. කොවිඩ් වසංගතය තියෙන කොට කොරියාවේ ඡන්දය තිබ්බා. නවසීලන්තයේ අගමැති කියලා තියෙනවා නියමිත කාලයේ ඡන්දය තියන්න කියලා. ඉතිං ඇයි අපිට බැරි සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව ඡන්දය තියන්න.

ඡන්දය කල් දාගන්න එක එජාප, ස.ජ.බ, ජවිපෙ, ටී.එන්.ඒ වුවමනාව. ඡන්දය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. එකපැත්තකින් කියනවා ආණ්ඩුව ඒකාධීපති කියලා. තව පැත්තකින් ඡන්දය කල් දාගන්න උසාවි යනවා. මේ අය මේ ඡන්දය කල් දාගන්න හදන්නේ වෙන මොකවත් නිසා නෙමේයි. රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කරගෙන පරණ සෙල්ලම් ටික දාන්නයි මේ අයට ඕනේ. පරණ පාර්ලිමේන්තුවේ බහුතරේ තියෙන්නේ විපක්ෂයට. එතකොට ඒ විපක්ෂයේ ඉන්න දෙමළ සන්ධානයට ඕනේ බහුතරය තියෙන වෙලේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්න.

මුස්ලිම් අන්තවාදීන් පක්ෂ වලට ඕනේ පාස්කු ප්‍රහාරය පිළිබද ව පරීක්ෂණ නවත්වන්න. ජවිපෙට ඕනේ එජාපයට බලය අරන් දීලා නඩත්තුවට මුදල් ගන්න. මේ අය නැවත පරණ පාර්ලිමේන්තුව රැස් කරගන්න කියන්නේ අගමැතිතුමාව අයින් කරව ගන්න.

පරණ පාර්ලිමේන්තුව රැස්වෙලා ජනාධිපතිතුමාට විශ්වාසභංගයක් ගෙනාවොත් ජනාධිපතිතුමාට ආයෙත් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරුව යනවා. ඒක තමයි එජප, ජවිපෙ, ටී.එන්.ඒ අශුද්ධ සන්ධානයට ඕන කරලා තියෙන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනාධිපතිතුමාව අගමැතිතුමාව අයින් කරලා මේ ආණ්ඩුව වට්ටන්න. ඒකටයි මේ කුමන්ත්‍රණ ඔක්කොම. රටේ ජනතාව පිළිගන්නවා ඔය කියන පාර්ලිමේන්තුව නැතුවත් කොරෝනා පාලනය හොදින් කෙරුණා තියලා. ඒ නිසා පරණ පාර්ලිමේන්තුව රැස් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ.”

Related posts

රජයේ ස්ථිර රැකියා මීටපසු නෑ -ආයතන ප්‍රධානියා අකමැතිනම් වසර අගදී රාජ්‍ය සේවයෙන් දොට්ට

colombotoday

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

colombotoday

නිරෝධායන නීති කැඩූ 674ක් අත්අඩංගුවට

colombotoday

ජනපතිගේ රාජාසන කතාවට මල්වතු පාර්ශවයෙන් පැසසුම්

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම කාලසටහනකට..

Admin

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday