Articles

චීනය සරණ යන බ්‍රිතාන්‍යය සහ බ්‍රිතාන්‍යයයේ සරණ යන චීන විරෝධී යටත්විජිත ගැත්තන්ගේ කරුමය

1805

මුළු ලන්ඩන් නුවර පුරා රතු පළස් එළා, රතු ධජ පතාක ලෙළවා රතු ඇඳුමින් සැරසුණු රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නොමසුරු පිය තෙපුල් මැද රාජ දෝලාවෙන් රැජින ද සමග ක්‍ෂී ජනපතිවරයා ලන්ඩනයේ වීථි සංචාරය කරන විට මේ පශ්චාත්නූතන ඇත්ත ලෝකයේ දසුනක් ද එසේත් නැතිනම් සීත ඍතුවේ සිහිනයක භයානක ජවනිකාවක් දැයි පරීක්‍ෂා කිරීමට කෙනෙකු මදක් නවතින්නට ඇත. විශේෂයෙන් ජනපති ඔබාමා එසේ කරන්නට ඇත. එහෙත් ඒ ඇත්ත ය. තිත්ත ඇත්ත ය. පෙරදා අබිං දී රැවටූ චීනා අද එසේ කළ රැජිනගේ දෑතින් ම දෝළා පෙරහරින් බකිංහැම් මාලිගයට ‘වඩමවා’ එහි සකල විධ මල් අතුළ සුවඳ ගැල් වූ අසුන් මත හිඳුවා ඉනික්බිති ව රැ දෙකක් එහි ‘සතපවා’ සියළු ගරුසරින් පුදන දසුන් සත්‍ය ඒවා බව ඔබාමා ද කෙරී ද පසුව දැනගත්හ.

චීන ජනාධිපති ක්‍ෂීට බ්‍රිතාන්‍යයේ දී දුන් දැවැන්ත පිළිගැනීම හා ගෞරව ප්‍රධානයන්ගෙන් අඩක් වත් ඊට පෙර එරටට පැමිණි ජනාධිපති ඔබාමාට නොලැබී යාම මගින් අර්ථවත් කරන්නේ නව ලොව යථාර්ථයයි. ඇමරිකාව විසින් නිමක් නැති අනවශ්‍ය යුද්ධවලට ඇද දමන ලදු ව දැන් එහි දැවැන්ත ආර්ථික හා දේශපාලන කරුමය ගෙවා දමන්නේ බ්‍රිතාන්‍ය ජනතාව ම ය. ඉන් ගොඩ ඒමට නම් කටින් බතල ගෙනෙන ඇමරිකාව නොව අතින් බතල හිටිවන චීනය පසුපස යා යුතු බව මහා බ්‍රිතාන්‍ය තේරුම් ගෙන තිබීම එම යථාර්ථයේ ප්‍රතිඵලයයි.

‍‍චීන ජනාධිපතිවරයා පසුගිය සතියේ බ්‍රිතාන්‍යට ගොස් පවුම් බිලියන 30ක ආයෝජන සඳහා ඩේවිඩ් කැමරන් සමග ගිවිසුම් අත්සන් කළේ ය. එම ආයෝජන අතර බ්‍රිතාන්‍යයේ ඇතැමුන් පමණක් නොව ඇමරිකානු පාලනය පවා කිසියම් දුරකට සොලවා ලූ පවුම් බිලියන 6.5ක න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම් ගිවිසුමක් ද තිබුණි. න්‍යෂ්ටික බලශක්තිය වැනි ජාතික වශයෙන් අතිශය වැදගත් ක්‍ෂේත්‍රයක් චීන ආයෝජනයක් වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තුළ නොයෙක් විවේචන තිබුණි. එහෙත් එවන් දෙයකට තාක්‍ෂණය ද මුදල් ද ඇති අනෙකෙක් ලොව නැති හෙයින්, යථාර්ථය තේරුම් ගත් කැමරන් ඊට මුහුණ දුන්නේ ය.

ඇමරිකාව අද හුදු රටවල් 64ක පමණක් ප්‍රධානතම වෙළඳ සහචරයා වන විට චීනය රටවල් 123ක ලොකුම වෙළඳ සහචරයා වීම තුළින් පෙන්වන්නේ ලොව ‍වෙනස් ව තිබෙන අපූරුවයි. අප කලාපය ගතහොත් මේ ඊයේ පෙරේදා පමණක් චීනය ඉන්දියාවේ ඩො.බි 22ක ද පාකිස්ථානයේ ඩො.බි 46ක ද ආයෝජන ගිවිසුම් අත්සන් කළේ ය. මෙවන් පසුබිමක ය අප රට විසින් ‍ඩො.බි 1.6 ආයෝජනයක් වන පෝර්ට් සිටි ව්‍යාපෘථිය නවතා දමා චීනයට නොයෙක් අවලාද නගමින් බැණ අඬ ගසන්නේ. පෝර්ට් සිටිය එපා කියමින් සරත් ඉද්දමල්ගොඩ නම් කතෝලික පියනම හා නිර්මාල් රංජිත් වැනි අය පෙත්සමක් අත්සන් කරනු අපි මේ ඊයේ පෙරේ දා ද දුටිමු. මුළු ලොව ම චීන සහායෙන් ගොඩ ඒම‍ට උත්සහ කරද්දී වත්මන් ආණ්ඩුව හා එහි මැක්කන් ඊට අකුල් හෙළීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේ කුමන පදනමකින් ද? ඇමරිකාව නැමැති පුපුරායන්ට ඔන්න මෙන්න ඇති අසාර්ථක රාජ්‍යයේ අඳුරු ගැත්තෙකු නොවී නව ලොවට අවදි වන්නට අතීතයේ ජීවත් වන වත්මන් රජයට හා යටත්විජිත බ්‍රිතාන්‍ය සිය ෆැන්ටසිය කරගත් ‘වාමාංශික’ ඇමරිකානු කඳපණුවන්ට ප්‍රඥාව පහළ වන්නේ කවදා ද?

කථිකාචාර්ය මහින්ද පතිරණ

chinese

Related posts

කොරෝනා අස්සේ ජනතාවගේ සාක්කුවට විදින හොර පැණි සහ චූර්ණ නියාමනය කරන්නේ කවදාද?

colombotoday

“සිංහලයන් කලින් හමු වුණානම් එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්නේ නෑ” කියූ අවසන් සමයේ එල්ටීටීඊ නමත් පිළිකුල් කළ තමිලිනීගේ කතාව

colombotoday

AK 47 ඝාතනයේ අවිය සහ මිහායිල් කැලෂ්නිකොව්. රටක් වෙනුවෙන් තුවක්‌කුවක්‌ හදා ලෝකයක් හෙල්ලූ මිනිසෙක්!

colombotoday

කලු මාධ්‍ය, සුදු මහත්තුරු සහ රනිල්ගේ මැජික් අරිෂ්ඨය

colombotoday

තිබූ සංහිදියාවත් නැති කරන, චන්ද්‍රිකාගේ සංහිදියා බළකායේ අරුම පුදුම උමතු නිර්දේශ..

colombotoday

“ඝෝඨාභය රාජපක්‍ෂ මහතාණෙනි, වියත්මග හයිජැක් කරමින් සිටිති. වහාම මොවුන්ගෙන් ගැලවෙන්න”

colombotoday