Colombo Today Local News

ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි ගානියා ප‍්‍රැන්සිස් මෙහෙයුමේ රහස් හෙළි වෙයි.

 ⋆ ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් හදිසියේම ශ‍්‍රී ලංකාවට පැමිණියේ ඇයි?
 
 ⋆ ස්විස් සේවිකා ගානියා ප‍්‍රැන්සිස් භාවිත කළේ රජයේ විදේශ පුවත් සේවයක මාධ්‍යවේදිනියකගේ සිම්පත බව හෙළිවේ
 
 ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී දින 60 ක් ගතවීමටත් පෙර ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත පිටු 15 ක වාර්තාවක් ඉදිරිපත් විය. මේ වාර්තාවේ තේමාව වූයේ ‘මර්දනය ආරම්භ වෙයි’ යනුවෙනි. :ක්‍ර්ජනාදඅබ ඊැටසබි*ග වාර්තාව කෙටුම්පත් කළේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී සහ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ ධුරයක් උසුලන යස්මින් සුකායි. ඇගේ මේ වාර්තාවට සාවi තොරතුරු ඉදිරිපත් කරමින් ජර්මනියේ සිට ක‍්‍රියාත්මක වන ජේ. ඞී. එස්. නමැති සංවිධානය මෙහෙයවන රෝහිත භාෂණ අබේවර්ධන නමැති කොටි හිතවාදියා ද සම්බන්ධ වී ඇත.
 
 මෙම වාර්තාවේ දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මුළු ශ‍්‍රී ලංකාවම හමුදාකරණයට ලක්කර රජයේ ආයතනවලට ඔහුගේ යුද්ධ සමයේ සිටි හෙංචයියන් පත්කර පොලිසියේ කටයුතු පවරා ගෙන ඇති බවයි.
 
 රටේ හමුදා පාලනයක් ඇති කිරීම ගෝඨාභයගේ උපාය මාර්ගයක බවත් පොලිසිය හමුදා බුද්ධි සේවාව සහ යුද හමුදාව එකතු වී මානව හිමිකම් කියාකාරීන් සහ මාධ්‍ය මර්දනය කරන බව ද දක්වන යස්මින් සුකා වගවීම් සහ යුක්තිය ගැන කටයුතු කරන පාර්ශ්ව භීතියට පත්කරන බව ද කියා සිටී.

ganiya3


 ගෝඨාභයගේ කණ්ඩායම ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් එගොඩවෙල, සත්‍යප‍්‍රිය ලියනගේ, චන්දන වික‍්‍රමසිංහ, ප‍්‍රසන්න සිල්වා, ජනක අල්විස්, බි‍්‍රගේඩියර් සුරේන් සාලේ, කමල් ගුණරත්න, ජී. ඒ. චන්ද්‍රසිරි සහ හිටපු හමුදා නිලධාරීන් හඳුන්වා ඇති මෙම වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ යුද අපරාධ සහ ¥ෂණ චෝදනා එල්ල වුවත් උසස් තනතුරුවලට පත්කර ඇති බවයි.
 
 සුකාගේ මෙම වාර්තාව විශ්වසනීය වාර්තාවක් බවට ජාත්‍යන්තරයට සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඒත්තු ගැන්වීම උදෙසා මෙරට කැනඩා තානාපති ඬේවිඞ් මැකිනෝන්ගේ ට්විටර් ප‍්‍රකාශනයක් ද ඇතුළත් කර ඇත. එහි මෙලෙස සඳහන් කර ඇත.
 
 “ශ‍්‍රී ලංකාවේ රැුඳී සිටි වසර දෙකක කාලයක් තුළ ජනතාව ඔවුන්ගේ නිරීක්‍ෂණ මගේ ට්විටර් අඩවියට යොමුකරනු ලැබීය.
 
 එහෙත් දැන් මගේ ට්විටර් අඩවියට එවන ජනතා අදහස් එක්වී ඇත්තේ සුළු වශයෙනි. මෙය මා බලාපොරොත්තු නොවූ තත්ත්වයකි.”
 
 කැනඩා මහ කොමසාරිස්වරයා පසුගිය කාලයේ මෙරට දේශපාලන සහ ජාතික ආරක්‍ෂාවට ද බරපතළ ලෙස මැදිහත් වූවෙකි. කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන වැඩි දෙනා ඊළාම්වාදී ද්‍රවිඩයන් වන අතර සිංහල ජනතාවට කැනඩාවේ වීසා ලබා ගැනීමට අතිශයින් දුෂ්කරතාවක් උදාකර ඇත. මෑතකදී කැනඩා පාර්ලිමේන්තුව
 
 ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු වූ බවට යෝජනාවක් සම්මත කරනු ලැබීය. කැනඩාවේ අගමැති ලෙස ජස්ටින් ටෲඩෝ ක‍්‍රියා කළත් ඔහුව මෙහෙයවන්නේ උග‍්‍ර කොටි හිතවාදියකු වූ ගැරි ආනන්ද සංගරීය.
 
 රනිල් – මෛත‍්‍රි යහපාලන රජය ගැරි ආනන්ද සංගරීට යාපනයට ඒමට දොර විවෘත කළේය.
 ඔහු යාපනයේදී මෙලෙස පැවසීය.
 ”ද්‍රවිඩයන් සමූල ඝාතනය වී තිබෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි. උතුරේ ජනතාව ඊට සහාය දැක්විය යුතුයි කැනඩාව ඊට පූර්ණ සහාය දක්වනවා.
 
 ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීමේ සටන කැනඩාව නොකඩවා ගෙනියනවා.”
 
 එහෙත් යහපාලන රජය ගැරි ආනන්ද සංගරීව මෙරටින් පිටුවහල් කළේ නැත. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදී යුද්ධයට වසරකට ඩොලර් මිලියන 100 ක අරමුදලක් ලබාදුන්නේ කැනඩාවයි.
 
 කැනඩා පොලිසිය කැනඩාවේ ලෝක ද්‍රවිඩ සංවිධාන මූලස්ථානයේ තිබී සොයාගත් රහස් ලියැවිලි අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් සහ එම්. අයි. 24 යාන වැනසීම සඳහා මිසයිල ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.
 
 ස්ටුවට් බෙල් නමැති කැනඩා මාධ්‍යවේදියා නෝර්වේහි පැවැති කොටි ත‍්‍රස්ත ක‍්‍රියා හෙළිකරන සමුළුව අමතමින් මේ බව අනාවරණය කර තිබුණි.
 
 එසේම කොටි නෞකා ජාලයේ ප‍්‍රධානි රවිචන්ද්‍රන්ට වවුනියා මහාධිකරණය සිරදඬුවම් නියම කර තිබියදී ඔහුට දේශපාලන රැුකවරණ ලබාදීමට කැනඩාව ක‍්‍රියා කළේය.
 
මේ හැර හිටපු කොටි හමුදා ක‍්‍රියාකාරීන් 200 කට අධික පිරිසක් කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා ඇත.
 
 වන්නි මෙහෙයුමෙන් කොටි පරාජය වීම නිසා කැනඩාව ශ‍්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මුල්ම ජිනීවා යෝජනාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට උත්සාහ කළ අතර පසුව එය ජර්මනිය විසින් ඉදිරිපත් කරනු ලැබීය.
 
 මෙවන් වාතාවරණයක් මැද කැනඩාව ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ ද්‍රවිඩ ඡුන්ද නිසාය. කැනඩා අගමැති ටෲඩෝ කැනඩා කොටි නායකයා යැයි හඳුන්වන ගැරි ආනන්ද සංගරීගේ ප‍්‍රධානතම හෙංචයියායි. ඔහුගේ පියා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී වුවත් පියා ගැන තැකීමක් නොකරයි. ආනන්ද සංගරීව කොටින්ගෙන් බේරාගනු ලැබුවේ ශ‍්‍රී ලංකා හමුදාවයි.
 
 මේ අතර යස්මින් සුකා තම වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන් කර ඇත.
 ”2019 නොවැම්බර් 16 දා පැවැති මැතිවරණයෙන් සිංහල බහුතරය ගෝඨාභය රාජපක්‍ෂ ජනපති ලෙස පත්කරගනු ලැබීය. ඔහු හිටපු බලවත් ආරක්‍ෂක ලේකම්වරයායි. ඔහුගේ පාලන සමයේ හමුදාව මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ සිදුකළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කෙරුණි. සටන් බිමට ඍජු නියෝග නිකුත් කළේ
 
 ගෝඨාභය රාජපක්‍ෂයි. සිය මැතිවරණ ප‍්‍රචාරය මෙහෙයුමේදී ඔහු පැවසුවේ යුද අපරාධ චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා හමුදාව ආරක්‍ෂා කරන බවයි. ඔහු බලයට පත්වීමෙන් පසු ගජබා බළකායට සම්බන්ධ හමුදා ප‍්‍රධානීහු තනතුරුවලට පත් කළේය.
 
 ‘ඔකියුපේෂන් ඉන්ෆොමේෂන් ෂීට්ස්’ නමැති පත‍්‍රිකාව මගින් බුද්ධි තොරතුරු රැස් කිරීම ගැන මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ වෘත්තීය සමිති නායකයන් දැඩි කනගාටුව පළ කර ඇත.
 
 2019 දෙසැම්බර් මස අවසානය දක්වා මේ තොරතුරු ලබාගෙන තිබේ. ඊට අදාළ සිදුවීම් 69 ක් වාර්තා වූ අතර ඔවුන්ගේ ආරක්‍ෂාව පිණිස නම් ගම් හෙළිකළ නොහැක. කොළඹ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම උතුරු – නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධාන පසුගිය කාලයේ අතුරුදන්වීම් ගැන ක‍්‍රියා කළ අතර ඔවුන්ට තර්ජනාත්මක ක‍්‍රියාමාර්ග සිදු වී ඇත.
 
 සී. අයි. ඞී. හැඳුනුම්පත් පෙන්වමින් රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩලවලට තර්ජනය කිරීමේ සිදුවීම් නවයක් මේ වනවිට වාර්තා වී ඇත. ත‍්‍රස්ත මර්දන ඒකකය සිදුකළ ක‍්‍රියා දෙකක් ද බුද්ධි අංශවල ක‍්‍රියා පහක් සහ පොලිසිය සිදුකළ ක‍්‍රියා හයක් ගැන ද මේ වනවිට වාර්තා වී තිබේ.
 
 ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලින් ලියාපදිංචි ලේඛන, ජාත්‍යන්තර සබඳතා සහ සේවය කරන කාර්ය මණ්ඩලයේ වගතුග විමසා ඇත.
 
 නොවැම්බර් 16 ජනපතිවරණයෙන් පසු එන්. ජී. ඕ. සංවිධානවලට හිරිහැර කිරීම සහ තර්ජනය කිරීම් ද අරමුදල් සපයන්නන්ගේ නම් ගම් දැනගැනීමට උත්සාහ කිරීම ද සිදුවී තිබේ.”

යහපාලන රජය සමයේ උතුරු – නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධාන රැසක් රජයේ ලියාපදිංචි වීමට ක‍්‍රියාකර නැත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලකරන ‘අඩයාලම් සෙන්ටර්’ ඉන් එක් සංවිධානයකි.
 
 මේ තත්ත්වය එන්. ජී. ඕ. සංවිධාන ගැන යහපාලන රජය කිසිදු පියවරක් ගත්තේ නැත.
 
 වැල්ලවත්තේ සිට ක‍්‍රියාත්මක වන සී. එච්. ආර්. ඞී. නමින් හඳුන්වාගත් එන්. ජී. ඕ. සංවිධානයේ ද්‍රවිඩ ක‍්‍රියාකාරිනියන් තිදෙනෙක් ජිනීවා ගොස් ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවi චෝදනා එල්ල කරද්දී යහපාලන රජය සහ බුද්ධි අංශ නිහඬ විය.
 
 එහෙත් හිටපු අගමැති රනිල් අප ජිනීවා යන්නේ ද යැයි නිරීක්‍ෂණයේ පසු විය. වරක් අප පුවත්පතේ කර්තෘවරුන් දෙදෙනා කැඳවූ රනිල් මා ජිනීවා ගියේ නැති බවත් ගෙදරට වී ජිනීවා ගැන ලියන බවටත් චෝදනා කළේය. ඔහු එම ප‍්‍රකාශය කරන විට මා සිටියේ ජිනීවා නුවරය. රනිල් හැරෙන විට මා හැරිලා ඉවරයි යන්න ඔහුට අමතක විය. එදා පැවතියේ එවන් තත්ත්වයකි.
 
 අනතුරුව පාර්ලිමේන්තුවේදී මා හට සහ දෙරණ රූපවාහිනියේ චතුර අල්විස්ට බැණ වැදුණු රනිල්, කිසිදු ජාතික පුවත්පතක සේවය නොකළ එක්නැලිගොඩ නමැත්තා මාධ්‍යවේදියකු කිරීමට උත්සාහ කළේය. එක්නැලිගොඩ නමැත්තා කිසිදු ලෙසකින් මාධ්‍යවේදියකු නොවේ. ඔහු ගැන දැන සිටියේ සුළු පිරිසකි.
 
 මේ අත

ර ඇමෙරිකානු ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ද විමර්ශන වාර්තාවක් ප‍්‍රකාශයට පත් කරමින් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතළ අරාජික තත්ත්වයට පත්ව ඇති බවත්, ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වීමෙන් එම තත්ත්වය ඇති වී තිබෙන බවත් පවසා ඇත.
 
 මේ වාර්තාව සකස් කළේ ඉන්දීය වාර්තාකාරිනියක් ලෙස කටයුතු කළ ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ අග්නිදිග ආසියා අධ්‍යක්‍ෂිකා මිනාන්ෂි ගංගුලි නමැත්තියයි.
 
 මෙම වාර්තාවෙන් ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නට ද චෝදනා එල්ල කර තිබේ. එහි මේ අයුරින් දක්වා ඇත.
 
 ”රාජපක්‍ෂ පාලනය ගැන විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැුසක් මාරුකර ඇත. පොලිසියේ බලතල හමුදාවට ලබාදී ඇත. කමල් ගුණරත්නට සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ද යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ. පසුගිය රජය මානව හිමිකම් සමුළුවලට ප‍්‍රතිඥා දෙමින් වගවීමට අදාළව ක‍්‍රියාකරන බවත් ජාත්‍යන්තර විනිසුරන් සහ නඩු අධ්‍යක්‍ෂවරුන් යටතේ වගවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කරන බවටත් කිහිප විටක්ම පවසා තිබුණි.
 
 එහෙත් මහින්ද රාජපක්‍ෂ රජය එම ප‍්‍රතිඥා වලට එකඟ නොවන බවට පවසා ඇත.
 
 මේ විමර්ශන වාර්තාවෙන් යහපාලන රජය ජනතාව රැුවටූ අයුරු හෙළිකර තිබේ.
 
 ඒ හයිබි‍්‍රඞ් අධිකරණයක් හෙවත් යුද විරුවන්ට දඬුවම් කරන බවටය. එම අධිකරණයට විදේශ විනිසුරන් හා නඩු අධ්‍යක්‍ෂවරුන් පත්කරන බවට ප‍්‍රතිඥා දී තිබීමයි.
 
 එහෙත් හිටපු ජනපති මෛත‍්‍රිපාල පැවසුවේ විදෙස් විනිසුරු වරුන්ගේ සහාය ලබා නොගන්න බවයි.
 
 මේ අතර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මෙරටට පැමිණි සමයේ තවත් ඇමෙරිකානුවෙක් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියේය. ඒ ප‍්‍රභාකරන් බේරා ගැනීමට උත්සාහ කළ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ය.
 
 කොටි පැරදවිය නොහැකි බව දන්වමින් කොටි සමග සාම සාකච්ඡුා පවත්වන ලෙස එදා පැවැති මහින්ද රාජපක්‍ෂ රජයට පැවසුවේ බ්ලේක් ය.
 
 එසේම 2009 අපේ‍්‍රල් මස ඇමෙරිකානු විශේෂ මෙහෙයුමක් මුලතිව් වෙත දියත් කර ප‍්‍රභාකරන් ඇතුළු හමුදා නායකයන් 460 ක් ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය.
   බ්ලේක් මෙරටදී ජනපති ගෝඨාභය සහ අගමැති මහින්ද රාජපක්‍ෂ හමු වී සාකච්ඡුා පවත්වා ඇත.
 
 රොබට් බ්ලේක්් මෙරටට පැමිණියේ එම්. සී. සී. ගිවිසුම පිළිගන්නා ලෙස රජයට බලකිරීමටය.
 
 එසේම මෙරටට පැමිණි ඇලිස් වෙල්ස් ජිනීවා යෝජනාව ගැන රජය සමග සාකච්ඡුා කළත් රජයේ ප‍්‍රතිචාරය වූයේ එම යෝජනාවට අදාළ ඇමෙරිකානු නිරීක්‍ෂණ පිළිගත නොහැකි බවයි.
 
 මෙවන් පසුබිමක් මැද ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් ශ‍්‍රී ලංකාවට නොදන්වා හදිසියේම මෙරටට පැමිණියේ ය.
 
 ඩෙවොල් යනු මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඍජුව මැදිහත් වූ අයෙකි. කොළඹ පෝට් සිටි නමැති චීන ව්‍යාපෘතිය නතර කිරීමටත් වන්නි මෙහෙයුම අත්හිටුවීමටත් ඔහු උත්සාහ කළේය.
 
 ඩෙවොල් මෙරටට පැමිණියේ රෝ චරපුරුෂයන් විසින් චීන විදේශ ඇමැති යැන්ග් ෂී කළ ප‍්‍රකාශය නවදිල්ලි බලධාරීන්ට දැනුම් දීම සමගය.
 
 ශ‍්‍රී ලංකාවේ කටයුතුවලට පිටස්තරයන්ට මැදිහත්වීමට චීනය ඉඩ නොදෙන බව චීන විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට දී කළ ප‍්‍රකාශය ඉන්දියාවට එල්ල වූ බරපතළ ප‍්‍රහාරයකි.
 
 අජිත් ඩෙවොල් මෙරටට හදිසියේම පැමිණ ජනපති හා අගමැති සමග සාකච්ඡුා පැවැත්වීමෙන් ඉන්දියාව මෙරට කටයුතු කෙරේ විමසිල්ලෙන් පසුවන බව තහවුරු විය.
 
 එහෙත් රටේ ජනතාවට ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක්, චීන විදේශ ඇමැති යැන්ග් ෂී මෙරටට පැමිණියේ මන්දැයි නිසි ලෙස හෙළි වූයේ නැත.
 
 ඉන්දීය කලාපය තුළ භයානක මිනිසා වූ අජිත් ඩෙවොල් ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ උපාය මාර්ගික සහයෝගිතාවය ගැන සාකච්ඡුා කළ බව පැවසුවත් සත්‍ය එය නොවේ.
 
 චීන විදේශ ඇමැති යැන්ග් ෂී මෙරට තවත් චීන ආයෝජන සිදුකරන බව පවසා ඇති අතර එම ආයෝජන කුමක්දැයි දැනගැනීමට චීනයට අවශ්‍ය විය.
 
 ශ‍්‍රී ලංකාව චීන රජයෙන් ඩොලර් මිලියන 6 ක් වැයකර වයි – 112 යානා දෙකක් මිලයට ගැනීමට තීරණය කිරීමේ සිද්ධිය ද ඉන්දීය ආරක්‍ෂක උපදේශක ඩෙවෝල්ට වාර්තා විය.
 
 මේ නිසා ශ‍්‍රී ලංකාවට අවි ආයුධ මිලයට ගැනීමට ඩොලර් මිලියන 50 ක් ලබා දෙන බව අජිත් ඩෙවොල් පවසා ඇත. එහෙත් මේ අවි ආයුධ මිලයට ගත යුත්තේ ඉන්දීය සමාගම් වලිනි.
 
 වන්නි මෙහෙයුමේදී ශ‍්‍රී ලංකා හමුදාව කොටි ගුවන් යානාවල ආගමනය නිරීක්‍ෂණය කිරීමට චීන ත‍්‍රිමාණ රේඩාර් යන්ත‍්‍ර මිලයට
 
 ගැනීමට සූදානම් වූ අවස්ථාවේ කලබලයට පත් වූ ඩෙවොල් ඉන්දියාවේ භාරතී ඉලෙක්ට්‍රොනික්ස් සමාගමෙන් ඉන්ද්‍රා වර්ගයේ රේඩාර් මෙරටට ලබාදුන්නේය. එහෙත් එම රේඩාර් කොටි ගුවන් යානා එනවිට අක‍්‍රිය වී තිබුණි.
 
 මේ හැර කොටි ගුවන් යානා වැනසීමට චීනයෙන් ප‍්‍රහාරක අවි මිලයට ගැනීමට ශ‍්‍රී ලංකාව සූදානම් වූ විට ඉන්දීය රජය බෝෂෝර් අවි රැුසක් මෙරටට ලබාදීමට ක‍්‍රියා කළේය. එම අවි වලින් කොටි යානා වැනසීමට නොහැකි විය.
 
 මෙම තත්ත්වය මත ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් මෙරටට හිටිහැටියේ පැමිණියේ හොඳකට නොවේ.
 
 ආරංචි මාර්ග දක්වන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවා කණ්ඩායමක් මෙරට රැුඳී සිටින අතර ඔවුන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂගේ කටයුතු නිරීක්‍ෂණය කරන බවයි.
 
 මේ සතියේදී බකිංහැම් රජ මාලිගය විසින් කොටි හිතවාදී ගායිකාවක් වූ මතාන්ගි අරුල් ප‍්‍රගාසම් හෙවත් එම්. අයි. ඒ. නමැති රැුප්
 
 ගායිකාවට එම්. බී. ආර්. සම්මානය පිරිනැමීය. එය පිරිනමනු ලැබුවේ විලියම් කුමරුය. ඇගේ පියා වූ අරුල් නමැත්තා ‘ඊරෝස්’ නමැති ත‍්‍රස්ත සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියෙකි.
 
 වන්නි මෙහෙයුම සමයේ කොටි සංවිධානය බේරා ගැනීමට ඇය මහත් උත්සාහයක් දැරුවාය.
 
 මේ අතර ලන්ඩනයේ බී. බී. සී. සේවයේ ශ‍්‍රී ලංකා වාර්තාකරු අසාම් අමින් නමැත්තා මෙතෙක් පැළඳ සිටි වෙස් මුහුණ ගැලවී බිම වැටුණි. මොහු ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා රන්ජන් රාමනායක සමග සාකච්ඡුා කිරීමේ හඬපටයක් නිසා බී. බී. සී. සිංහල සේවයේ අපක්‍ෂපාතී බව බිඳ වැටුණි.
 
 හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මා හට සහ දෙරණ රූපවාහිනියේ චතුර අල්විස්ට චෝදනා කළ විට එය සිය ට්විටර් පණිවුඩයෙන් ප‍්‍රචාරය කළේ මේ තැනැත්තායි.
 
 මෙවන් පසුබිමක් මැද දෙසැම්බර් 29 වැනිදා ආරක්‍ෂක විශේෂාංගයෙන් බොරු පුවත් මවන්නියක් වූ මස්තියන් ස්විට්සර්ලන්තයට ගිය බව අප විශේෂයෙන් හෙළි කළෙමු. එහෙත් රහස් පොලිසිය ඒ බව සොයාගනු ලැබුවේ පසුවය. මේ මස්තියන් නමැත්තිය දැන් ලන්ඩන් නුවර සිටියි. එසේම ස්විස් සේවිකා ගානියා ප‍්‍රැන්සිස් භාවිත කළ සිම් කාඞ්පත ද රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක මාධ්‍යවේදිනියකගේ බවත් මස්තියන් සහ
 
  ගානියා ප‍්‍රැන්සිස් දුරකතන සංවාද පැවැත් වූ බවට රහස් පොලිසිය තවදුරටත් සොයාගෙන ඇත. ඉහළ පෙළේ ආරංචි මාර්ග අනුව ජනපති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ පුවත පසුබිමේ සිටින්නේ මස්තියන් බව තහවුරු වී ඇත.

කිර්ති වර්ණකුලසුරිය – දිවයින

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

colombotoday

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

colombotoday

පාරිභෝගිකයාට මාධ්‍ය සංදර්ශණ නොදමා භාණ්ඩ මිල අඩු කර සහනයක් ලබාදෙනු.

colombotoday

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

දකුණ මහ විපතක.. උතුරේ දෙමළ නායකයන්, විපක්ෂ නායක මීක් නෑ.. ජාතිවාදීන් කවුදැයි දැන් තේරෙයි !

colombotoday

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු කොටු

colombotoday