World

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

ලොව පුරා කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 35 ඉක්මවා තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව එම සංඛ්‍යාව 3,506,924 ක් ලෙස දැක්වේ.

වයිරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 247,473 ක් වන අතර රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,125,255 ක් වේ.

වයිරසයේ පැතිරයාමත් සමඟ ජපානය ප්‍රකාශයට පත්කළ හදිසි තත්ත්වය මෙම මස අවසානය දක්වා දීර්ඝ කිරීම අග්‍රමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අපේක්ෂාව වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ සහභාගිත්වයනේ අද පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මීට අදාළ නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරනු ඇත.

ජපානයේ පුද්ගලයින් 15,000 කට අධික සංඛ්‍යාවකට වයිසරය ආසාදනය වී ඇතැයි මේ වන විට හඳුනාගෙන ඇති අතර පුද්ගලයින් 500 කට අධික සංඛ්‍යාවක් වයිරසය හේතුවෙන් මරණයට පත්වී තිබේ.

මේ අතර මාර්තු මස මැද භාගයේ සිට සැලකීමේදී වයිරසය ආසාදිත කිසිදු රෝගියෙකු  අද දිනයේ නවසීලන්තයෙන් වාර්තා නොවූ බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

මෙම තත්ත්වය දක්නට ලැබුණේ එරටේ පනවා තිබූ අගුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමෙන් පසු ගතවූ සතියකට අඩු කාලය තුළදීය.

එය සියලු දෙනාගේ උත්සාහයේ සංකේතයක් බව එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් මහතා පැවසීය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සඳහන් කරන පරිදි මේ වන විට කොරෝනා වයිරසය ලොව පුරා රටවල් 187 ක ව්‍යාප්ත වී තිබේ.

Related posts

පකිස්තාන් දේශසීමාවේ තලේබාන් ධජ ඔසවයි

colombotoday

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

colombotoday

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි

colombotoday

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin

මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

colombotoday