Colombo Today Local News

ඇවන්ගාඩ් ගැන රාජිත මාධ්‍යයට පට්ටපල් බොරු කියලා, අගමැති නොසතුටින්

rajitha ranil

ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් ඊයේ (11) සවස පැවති රැස්වීමේදී එම සමාගම තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර නොමැති බවත් එම සමාගම් සම්බන්ධයෙන් ජනපතිවරයා ගත් තීරණ අතිශොක්තියට නගමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍යට පවසා ඇති බවත් වාර්තා වෙයි.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබදව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාවට සිදුකල හැකිදැයි වාර්තාවක් ලබාදෙන ලෙස නාවික හමුදාපතිවරයාට දැනුම්දී ඇති ජනාධිපතිවරයා, එම රැස්වීම සම්බන්ධයෙන් මාධ්‍යයට කිසිවක් හෙළිනොකරන ලෙස එම රැස්වීමට සහභාගී වුවන් ගෙන් ඉල්ලීමක කර ඇත.

කෙසේවුවද, ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රජය අතර ඇතිකර ගෙන තිබු ගිවිසුම 07 ම අවලංගු කිරීමටත්, එම සමාගමේ ‘පාවෙන අවි ගබඩා’ ව්‍යාපෘතිය අත්හිටුවා, එම කටයුතු නාවික හමුදාවට පැවරිමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කල බව රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට පැවසීය.

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම තහනම් කිරීමට ද තීරණය කල බව ඔහු පවසා තිබිණ.

මේ අතර රාජිත සේනාරත්න ඇමතිවරයා කියනා ආකාරයට ඇවන්ගාඩ් සමාගමේ ගිවිසුම අහෝසි කිරීමට ජනපතිවරයා තීරණය කර නැතිබව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාද ප්‍රකාශකර තිබේ.

Related posts

ලසන්ත ඝාතනයට චෝදනා එල්ලවූ හමුදා බුද්ධි අංශයේ “උදලාගම” ඇප මත නිදහස්

colombotoday

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව නින්දිතයි, අශිෂ්ඨයි – සජිත්

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළිත් දින 2ක් විවෘත කෙරේ

colombotoday

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

colombotoday

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

රාජ්‍ය ආයතන 2ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට

Admin