Colombo Today Local News

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයට ඡන්දයක් විමසීමට සිදු කිරීමට කථානායකවරයා විසින් උත්සහ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා පවසයි.

අද(15) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගිදා ගත් තීරණ සියළු දෙනා පිළිගත් බවත් එයට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත නොගිය බව ඒ මහතා පෙන්වා දුන්නේය.

යම් ආකාරයකින් පාර්ලිමේන්තුව තුළ අර්බදකාරී තත්ත්වයක් ඇති වුවහොත් පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යාමට පෙර ජනාධිපතිවරයාට විසින් විසුරුවි හැරීමේ බලයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා පැවසීය

එමෙන්ම කථානයකවරයාගේ විකෘතිභාවය පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙන මෙම තත්ත්වයට වගකිව යුතු බව දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය

Related posts

ලොව හොඳම වනජීවී ඡායාරූප ශිල්පීන් අතරට ශ්‍රී ලාංකයින් දෙදෙනෙක්

colombotoday

මර්වින් සිල්වා එ.ජා.පයෙන් මැතිවරණයට ?

colombotoday

රවීට එරෙහි ජෝශප්ගේ ප්‍රහාරයට හේතුව පක්ෂය තුල තිබූ කුමන්ත්‍රණ අසාර්ථක වීමයි

colombotoday

දිනකට ගෙවල්බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් 25ක්

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව කතානායකට

colombotoday

ගරා වැටෙමින් තිබෙන ආර්ථිකයට එකම සවිය එජාපය

colombotoday