Colombo Today Local News

අවශ්‍ය දේ කරන්න නැතිනම් ආණ්ඩුවට විරුද්ධව ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරනවා – සජිත්

අනවශ්‍ය වියදම් නොකර ජනතාවට අවශ්‍ය දේ කරන ලෙසත්,නැතිනම් ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ(18දා)පැවති මාධ්‍යහමුවක් අමතමින් පැවසීය..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.

රටටත් ජනතාවටත් හංගලා ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ නංවනලා තියෙනවා . එල්.අයි. ඕ.සී කොම්පැණිය මේක කරලා තියෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව.

මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යද්දී ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවද, මේ විදිහට තෙල්මිල ඉහළ නංවන්න. ආණ්ඩුව රටේ ජනතාව ගැන ද හිතන්නේ, තෙල් කොම්පැනි කාරයෝ ගැනද හිතන්නේ . මේ ආණ්ඩුව ආවේ ශක්තිමත් ආර්ථිකයක් සහ සංවර්ධනයක් උදා කරනවා කියලා. මේකද සෞභාග්‍යයේ දැක්ම කියලා මම අහන්න කැමතියි. තෙල් මිල අඩුවීමේ සහනය අපේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා පුනපුනා කියද්දී ආණ්ඩුව ඒ පිළිබඳව පිළිබඳව කිසිම තැකීමක් කරන්නේ නැහැ. එල්.අයි. ඕ.සී සමාගම සමඟ කූඨ කුමන්ත‍්‍රණයක යෙදිලා, ජනතාවට සහන දෙනවා වෙනුවට රජයේත් ඇමතිවරයාගේත් ආශීර්වාදය ඇතිව මේ විදිහට රුපියල් පහකින් තෙල් මිල වැඩි කරන්නේ කොහොමද?. මේ ආණ්ඩුව කරන්නේ අමානුෂික පහත් ක‍්‍රියාවක් කියලා කියන්න කැමතියි.

ඒ අතර රුපියල් කෝටි 748 ක් වැය කරලා අලූ‍ත්ම ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් හදන්ඩ යනවා. අපි අහන්නේ මෙහෙම කරන්නේ කොහොමද ?.

අපි, ඉල්ලන්නේ අඩු තරමේ හතර දෙනෙක් ඉන්න පවුලකට දෙන්න රුපියල් විසිදාහක් දෙන්න කියලා. ඒත් ඒ වෙනුවට කෝටි 748 වියදම් කරලා අද ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ හදන්න රජය සැලසුම් කරනවා. මේ මොහොතේ අනවශ්‍ය ක‍්‍රීඩාංගන හදනවා වෙනුවට මහල් නිවාස හදලා කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස නැති පවුල්වලට නිවාස ඉදි කරල දෙන්න තිබුණා. ඒක නෙමේද ප‍්‍රමුඛතාවය.නමුත් ඒවා නොකර ජනතා අසහනය නොසලකා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ හදන එක හරිද?.

අද මිනිස්සු ජීවත් වීමේ අයිතිය ඉල්ලනවා. බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වෙලා. කර්මාන්තශාලා ටික වැහිලා. හාම්පුතුන්ට පඩි ගෙවා ගන්න බැරිවෙලා. තත්වය එසේ වුවත් ආණ්ඩුව ක‍්‍රීඩාංගණ හදන්න වෙහෙසෙනවා. මේක අමානුෂික අලූ‍ගෝසු දේශපාලනයක්.

මේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය නැති භංග කරන දේශපාලනය වහාම පරාජය කළ යුතුයි. පානීය ජල පහසුකම් නැති පාසල් පන්සිය අසූ දෙකක් තියෙනවා. වැසිකිලි පහසුකම් නැති පාසල් විශාල ප‍්‍රමාණයක් තියෙනවා.අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් වත් ජනතාවට ලබා නොදී ආණ්ඩුව විහිළු කරනවා.
කරුණාකරලා මේ අමානුෂික කටයුතු නතර කරන්න. එසේ නොකළොත් අපි ජනතාව සමග පාරට බහිනවා.

අනවශ්‍ය ක‍්‍රීඩාංගන හැදිල්ල වෙනුවට දරුවන්ට පන්ති කාමර හදන්න.ජනතාවට ආර්ථික ශක්තියක් දෙන්න. අපි ආණ්ඩුවට බලකරනවා,ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න කැපවෙන්න කියලා.

-දිවයින-

Related posts

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිජීවකයක් සොයාගත් බව චීනය කියයි !

colombotoday

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

Admin

මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !

colombotoday

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

ලාභ ලබන “ලංකා මිනරල් සෑන්ඩ්ස්”, “පරන්තන් කෙමිකල්ස්” බදුර්දීන්ගේ ගෝලයෙකුට විකුණා දැමේ !

colombotoday