Colombo Today Local News

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

ඇඳිරිනීතිය තවමත් ක‍්‍රියාත්මක දිස්ත‍්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත‍්‍රික්කවල පෞද්ගලික හා ලංගම බස් රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහණයට අද (13) සිට අවසර ලබා දීමට විදුලිබල බලශක්ති හා ප‍්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප‍්‍රවාහන සේවා විදිමත් කිරීම සම්බන්ධව ඊයේ (12) අදාළ සියලූ‍ අංශ සමග ප‍්‍රවාහන හා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා සාකච්ඡුා කළේය.

මෙම සාකච්ඡාවට පළාත් ප‍්‍රවාහන බලධාරීන්, අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මගී ප‍්‍රවාහන සේවාවල නිරත වන සංගම්වල නියෝජිතයෝ ද සහභාගි වූහ.

ඒ අනුව “කොවිඞ් 19” වසංගත තත්ත්වය නිසා මහජන සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධව පහත සඳහන් තීන්දු තීරණ ගනු ලැබ ඇත.

සියලූ‍ම පෞද්ගලික බස් රථ අද දින සිට ප‍්‍රවාහන කටයුතු ආරම්භ කරන ලෙස ඇමතිවරයා අදාළ සංගම්වලින් ඉල්ලා සිටියේය. දැනට ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වන කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල හැර දිවයිනේ සෙසු සියලූ‍ම දිස්ත‍්‍රික්කවල අද දින සිට ලංගම හා පෞද්ගලික බස් රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනය සඳහා අවසර ලබා දෙන අතර එහිදී ප‍්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා සඳහා අදාළ වැඩබිම්වලට සේවයට වාර්තා කරන පිරිස් සඳහා පමණි.

සාමාන්‍ය මගී ජනතාවට ප‍්‍රවාහන සේවා සැපයීමේ දී අත්‍යාවශ්‍යම කාරණා සඳහා පමණක් සීමා කරන අතර, අනවශ්‍ය ගමන් බිමන් සඳහා ප‍්‍රවාහන සේවා යොදා ගැනීමට කටයුතු නොකරන ලෙස ඇමැතිවරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බස් රථවල ගමන් කිරීමේ දී මුඛ ආවරණ පැළඳසිටීම අනිවාර්ය වේ. මුඛ ආවරණ නොමැති කිසිවෙක් බස් රථවලට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇත. සියලූ‍ම මගීන් බස් රථයට පසුපස දොරෙන් ඇතුළුව ඉදිරි පස දොරෙන් බැස යා යුතුය. විෂබීජනාශක සෑම බස් රථයකම තිබිය යුතු අතර බස් නැවතුම් පොළවල අත් සෝදා ගැනීමේ පහසුකම් සලසා තිබේ.

දුම්රිය මගීන් ප‍්‍රවාහනයේ දී දැනට ප‍්‍රවාහන පහසුකම් සැලසෙන්නේ වාර ප‍්‍රවේශ පත‍්‍ර ඇති පුද්ගලයින් සඳහා පමණි. එහෙත් ආසන ගණනට මගීන් ප‍්‍රවාහනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අද දින සිට ම තාක්ෂණික ගැටලූ‍වක් නොමැති නම් මුදල් ගෙවා ටිකට් පතක් ගෙන යෑමට අවස්ථාව සැලසිය හැකිය. මේ සම්බන්ධව දුම්රිය බලධාරීන් සමග සාකච්ඡා කර සුදුසු පියවර ගනු ලැබේ.

ඇතැම් රජයේ සේවකයින් ප‍්‍රවාහන සේවා පහසුකම් නොමැතිව සිටින බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පෙන්වුවද, එම සේවකයින් දිස්ත‍්‍රික්කයකින් දිස්ත‍්‍රික්කයකට හෝ නිසි පරිදි දුම්රිය හා ලංගම බස් රථවල ගමන් කිරීම සඳහා අවසර ගත් පිරිස් නොවන බව පෙනී ගොස් ඇතැයි ඇමැතිවරයා පවසයි. එහෙත් ඇතැම් ස්ථානවල අඩුලූ‍හුඩුතා දක්නට ලැබුණත්, ලංගම මගින් පෙරේදා දිනය තුළ ප‍්‍රශස්ත සේවාවක් ලබා දී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

තවද, පෞද්ගලික බස් රථ සංගම් විසින් පසුගිය කාලයේ දී බස් රථ හිමියන් මුහුණ දී සිටි ගැටලූ‍ ගණනාවක් ඉදිරිපත් කළ අතර ඒ සියල්ල සම්බන්ධයෙන් අද (13) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට තොරතුරු ඉදිරිපත් කර දැනුම්වත් කරන බව ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කෙසේ වුවද ලබන සඳුදා වන විට සියලූ‍ ප‍්‍රවාහන සේවා යථා පරිදි පවත්වාගෙන යෑමට හැකි වෙතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

Related posts

හොර ගිවිසුමට කැමති නෑ. ජනාධිපතිවරණයට ඇප තබමින් සිවාජලිංගම් කී දේ

colombotoday

අධිවේගී මාර්ග බදු දෙන්න, මහා මාර්ග ඇමතිටත් හොරෙන් අගමැතිගෙන් කැබිනට් යෝජනාවක් !

colombotoday

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

colombotoday

සරසවි ආචාර්යවරු ත් අද වර්ජනයක

colombotoday

“බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.” – එච් එම් ජයවර්ධන සහ කසුන් කල්හාර ගැන සන්නස්ගල කතා කරයි

colombotoday

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත්තා. දිනන්න පුලුවන්නම් ඉන්නවා. බැරිනම් යනවා. රනිල් කියයි

colombotoday