Colombo Today Local News

අගමැතිගේ ”ජංගි” කතාවට කාන්තා සංවිධානවලින් විරෝධය.. “සමාව ගත යුතුයි”

බිංගිරිය අපනයන සැපයුම් කලාපයේ වැඩ ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ගැන ඇගළුම් ක්ෂේත්‍රය ට සම්බන්ධ කාන්තාවන් හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන කීපයක් හෙළා දැක තිබේ.

සඳුදා (මාර්තු 04) පස්වරුවේ පැවති උත්සවයේදී අගමැතිවරයා මෙසේ පැවසුවේ ඉතා සැහැල්ලුවෙන්, සිනහ මුසු ස්වරයකිනි.

“කාන්තාවන්ට හොඳම ජංගි ලෝකයේ අද හදන්නේ ලංකාව. වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න ඔය ජංගි ටික කොහෙන්ද එන්නේ කියල? කාන්තාවන් දන්නවා.”

එය කාන්තාවන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙසින් විග්‍රහ කරන ඇතැම් කාන්තා සංවිධාන එම ප්‍රකාශය හේතුවෙන්, විශේෂයෙන් ඇගළුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් අපහසුතාවයට පත්වන බව ද සඳහන් කරති.

කටුනායක ආයෝජන කළාපය මුල් කරගනිමින් එහි සේවිකාවන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින “ඩා බිඳු සමුහිකය” එම ප්‍රකාශය තරයේ හෙළා දකිමින් අවධාරණය කර සිටින්නේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී අගමැතිවරයා මේ පිළිබඳව කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බවය.

ඩා බිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරි බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ මේ රටට විදේශ විනිමය ලබා දෙන කාන්තාවන් මෙන්ම රටේ අනෙක් කාන්තාවන්ද අගමැතිවරයා විසින් හෑල්ලුවට ලක්කරනු ලැබ ඇති බවය.

නිදහස් වෙළෙඳ කළාපයේ කාන්තාවන්ගේ ගරුත්වයට එමගින් විශාල හානියක් වන බව ප්‍රකාශ කළ චමිලා තුෂාරි, රටේ පාලකයාගෙන් ජනතාව මෙවැනි අදහස් බලාපොරොත්තු නොවන බව ද සඳහන් කළාය.

ආයෝජන කළාප වල සේවය කරන කාන්තාවන්ගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් විශාල වියදමක් දරා සිදුකරන වැඩසටහන් වලට ද මින් විශාල හානියක් වන බව ‘ඩා බිඳු සාමුහිකය’ පෙන්වා දෙයි.

අගමැතිවරයාගේ මේ ප්‍රකාශය තරයේ හෙළා දකින බව කාන්තා අයිතීන් සහ කාන්තාවන් දිරිගැන්වීම වෙනුවෙන් කටයුතු කරන සවිස්ත්‍රී කාන්තා සංවිධානය ද පවසයි. සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ පද්මා පුෂ්පකාන්ති බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, ආයෝජන කළාපවල කාන්තාවන්ගේ ශ්‍රම සූරා කෑමට අමතරව රටේ පාලකයා ඒ කාන්තාවන් හැල්ලුවට ලක් කිරීමට ද පටන් ගෙන ඇති බවය.

මෙවැනි අදහස් පළකිරීම් හේතුවෙන් ආයෝජන කළාපවල සේවය කරන තරුණියන්ට ගමට යාමේ දී පවා ගැටළු මතුවන බව පවසන ඇය වැඩිදුරටත් කියා සිටියේ, මේ පිළිබඳරටේ කාන්තා සංවිධාන එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවය.

බීබීසී සිංහල

Related posts

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday

කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයි

Admin

වැලිසර රිය අනතුරින් බරපතළ තුවාල ලබා දැඩි සත්කාරයේ සිටි සිසුවාත් මියයයි

colombotoday

ජවිපෙ 20 ගේන්නේ බෙදුම්වාදී වස කුප්පිය ජනතාවට පොවන්නයි

colombotoday

සුරියවැව දී ක්‍රිකට් ලෝලීන්ට සිදු වූ ප්‍රහාරයට ක්‍රීඩා ඇමති සමාව ගනියි

colombotoday

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin