Colombo Today Local News

වැලි ප්‍රවාහන බලපත් ඉවත් කිරීමෙන් රට පුරා ගං ඉවුරු වනසමින් වැලි හාරති.. පරිසර සංවිධානයන්ගේ දැඩි විරෝධය

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව වැලි ප්‍රවාහන බලපත් ක‍්‍රමය ඉවත් කිරීමෙන් මැතිවරණ නීති උල්ලංඝනයක් සිදුවී ඇති බවත් නැගෙනහිර පළාත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා ඇත.

මෙම තීරණය දිවයිනටම බලපා ඇති කරුණක් නිසා ඒ ගැන සලකා තීන්දුවක් ගන්නා ලෙසද මැතිවරණ කොමිසමෙන් මෙන් ඔහු ඉල්ලා තිබේ.

අදාල බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇත්තේ විෂය භාර අමාත්‍යවරයා විසින් භූ විද්‍යා හා පතල් කාර්යාංශ ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව බවද එම ලිඛිත දැනුවත් කිරීමේ සඳහන්ව ඇත.

එමගින් විෂයභාර අමාත්‍යවරයාගේ දේශපාලන ආධාරකරුවන් වෙත වාසි සැලසෙන ආකාරයෙන් කටයුතු සිදුවන බවද ඔහු සදහන් කර තිබේ.

වැලි ප්‍රවාහන බලපත් පරික්ෂා නොකිරීමට රජය ගත් තීන්දුවෙන් පසු රටපුරා පිහිටි ප්‍රධාන ගංගා ආශ්‍රිතව අසීමිත ලෙස අක්‍රමවත් ආකාරයෙන් වැලි ගොඩනැගීම සිදු වෙමින් පවතී.

ඊට පරිසර සංවිධාන දැඩි විරෝධය පල කරති.

Related posts

යුගදනවි පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 200කට පන්ති තහනම්

colombotoday

මෙවර අයවැයෙන් එක් ග්‍රාම නිලධාරි වසමකට මිලියන 200ක්

colombotoday

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

colombotoday

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday