Colombo Today Local News

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2781ක් දක්වා ඉහලට

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේවනවිට සමස්ත පැමිණිලි 2781ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිලි 700ක්ද, දිස්ත්‍රික්ක මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිලි 2081ක්ද ලැබී ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

මෙම පැමිණිලි සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති නමුත්, මේ වනතෙක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නැති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජූලි 10 වන දින ප.ව. 4.00 සිට 11 වැනිදා ප.ව. 4.00 දක්වා දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව 161කි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථායෙන් පැමිණිලි 17ක්ද, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් 144ක්ද ලැබී ඇති අතර, ඒ සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් යටතෙහි ගැනෙයි.

Related posts

ඔන්ලයින් බිස්නස්වල වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීමට අවධානය

colombotoday

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

කෙරවලපිටිය LNG ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමග නොව වෙනත් සමාගමක් සමගයි – අනුරගෙන් හෙළිදරව්වක්

colombotoday

“ඖෂධීය කංසා” අපනයනට පියවර

colombotoday

එජාප මහලේකම් පුටුව තලතාට

Admin

“මෛත්‍රී – මහින්ද එකමුතුවට විරුද්ධ වන්නේ නපුංසකයන්” – වීරකුමාර (Video)

colombotoday