Colombo Today Local News

එජාප මහලේකම් පුටුව තලතාට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරාළ මහත්මිය අද (ඔක්. 1) පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව, තලතා අතුකෝරාළ මහත්මිය එජාපයේ මහලේකම් ධූරයට පත්වන පළමු කාන්තාව වෙයි.

එජාපයේ මහ ලේකම් තනතුර එච්.පී. අමරසූරිය, හර්ෂ අබේනායක, සිරිසේන කුරේ, ගාමිණි විජේසේකර, සෙනරත් කපුකොටුව, තිස්ස අත්තනායක, අකිල විරාජ් කාරියවසම් හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් මීට පෙර දරා ඇත.

ජනාධිපතිවරණයෙන් පසුව පැවත්වෙන පළමු කෘත්‍යාධාරි රැස්වීම පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන අතර එහිදී මහ ලේකම්වරයා පත්කිරීමට අමතරව තවත් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

ඉදිරි මහ මැතිවරණයට පක්ෂය මුහුණදෙන ආකාරය සාකච්ඡා කිරීමටත්, පක්ෂයේ තනතුරු කිහිපයකට පත්කිරීම් සිදුකිරීමටත් යොදාගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Related posts

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

colombotoday

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday

රනිල්ගේ සබඳතා අද මායාවක් වෙලා : රටේ ප්‍රශ්න විසඳන්න මෙලෝ උත්සහයක් නෑ… ආර්ථිකය කාබාසිනියා කරනවා… – විමල්

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම හඬ නගනවා – අමෙරිකානු තානාපතිනිය

colombotoday

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday

දූෂණ වංචා චෝදනා ලැබූ සජින්ට ඇමැති ආරක්ෂාව දුන්නේ කොහොමද? පුදුමයි? – නීතීඥ සංගමය

colombotoday