Colombo Today Local News

මලික් සමරවික‍්‍රමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්?

අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට ඊයේ (5 ) යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී සිදුව ඇත බව ජනාධිපතිවරයා පත්කළ විද්වත් කමිටුවෙන් හෙළි කර ඇති බැවින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනආ යුතු බවට මන්ත‍්‍රීවරයා යෝජනා කර තිබේ.

එමෙන්ම විපක්‍ෂය ලෙසින් රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මන්ත‍්‍රී කණ්ඩායමට පවසා ඇත.

ඒ අනුව රජයට විරෝධය පළකරමින් දෙවුන්දර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීමටද මන්ත‍්‍රී කණ්ඩායමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂනායකයන්ගේ රැුස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවට විපක්‍ෂනායකවරයා පවසා තිබේ.

එක්ස්ත ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩම් රැුස්වීම විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (5) පාර්ලිමේන්තු සංකීර්ණයේදී කමිටු ශාලා අංක 2 දී පැවැතිවිණ.

Related posts

දිමුත්ට ‌ඩොලර් 7500ක දඬයක්

colombotoday

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

colombotoday

නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනයක් අත ලඟ – හර්ෂගේ ඇමතිකම අනෝමාට

colombotoday

පාස්කු කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කල මරාගෙන මැරුණු ජමීල්ගේ මාමාව ඇමති කෙහෙළිය ගුවන් විදුලි සංස්ථාට පත්කරලා.

colombotoday

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

Admin