Colombo Today Local News

“ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා”

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරයක් පිරිනැමීම පිළිබඳව ඇති අර්බුදය ඉදිරි දින කිහිපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී නිරාකරණය කරගනු ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

සරත් ෆොන්සේකා මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් නොදුන්නේ ජනපතිගේ විරෝධය නිසාදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

“දේශපාලන ගැටලුවක් තියෙනවා. ඉදිරි දින කිහිපයේදී ඒවා විසඳා ගන්නට හැකිවේවි. සරත් ෆොන්සේකා මහතා දේශපාලනඥයකු මෙන්ම ෆීල්ඩ් මාර්ෂල් හැටියට ක්‍රියාකාරීත්වය ජනපති ආරක්ෂක ප්‍රධානියා ලෙස ගළපාගන්නේ කෙසේ දැයි මතයක් පැන නැගී තිබෙනවා.”

ෆොන්සේකා මහතා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්, ෆීල්ඩ් මාර්ෂල් විශ්‍රාමික නිලධාරියෙක් බවත් ඔහුට වෙනත් ධුර දැරිය හැකි බවත් ආරක්ෂක අමාත්‍යංශය මීට පෙර සඳහන් කර ඇතැයි වජිර අබේවර්ධන මහතා කීය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

Related posts

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

ලොරි රථයක ගැටී 15 හැවිරිදි දරුවෙක් මරු දකි

colombotoday

බලු ප්‍රශ්නයක් ඝාතනයකින් කෙළවර වෙයි

colombotoday

රුවන්වැලි මහසෑය අභියසදී අරියවංශ දේශනාව වෙනුවෙන් සති අන්තයේ විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

Admin

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday

දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහකල 14 හැවිරිදි දැරියක් පොලිස් භාරයට

Admin