Colombo Today Local News

හොරොවුපතාන රක්‍ෂිතයෙත් මහා වන විනාශයක්

හොරොවුපතාන ගෝනෑව රත්මලේ රක්ෂිත වනාන්තරය තුළ මහා පරිමාණ වන විනාශයක් සිදුවන බව ප්‍රදේශවාසීහු කියති.

මෙම රක්ෂිතයේ වටිනා ශාක විනාශ කරමින් එළිපෙහෙළි කරන බවත් දැනටමත් වටිනා ඉපැරණි ශාක ගණනාවක් කපා ගිනිතබා ඇති බව ගම්වාසීන් සඳහන් කරති.

විශාල ගස් දැව සදහා ඉරාගෙන ගොස් ඇතැයිද පවසන ප්‍රදේශවාසීන් වන සංරක්ෂණ නිලධාරීන්ට අල්ලස් ලබාදී මෙම වනාන්තර එළි පෙහෙළි කරන බව කියති.

මේ සම්බන්ධයෙන් කොතෙක් පැමිණලි කලත් නිලධාරීන් තැකීමක් නොමැතිව සිටින බවටද චෝදනා එල්ලවෙයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ දැනටමත් මෙම ප්‍රදේශයේ අක්කර පහළොවක් පමණ එළිපෙහෙළි කර ගිනි තබා ඇති බවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

Related posts

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

කිසිදු අවුරුදු උත්සවයක් බැහැ – පොලිස්පතිගෙන් නියෝග

colombotoday

“මම තමා සුදුසුම” – විග්නේෂ්වරනුත් ජනපති සටනට

Admin

ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහනවලට සිදුවන දේ

Admin

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම වෙයි

colombotoday

හමුදා බුද්ධි අංශයට විරුද්ධව සාක්ෂි දුන් ලුතිනන් කමාන්ඩර් කේ සී වෙලගෙදර 22 වනදා රටින් පැන ගිහින්

colombotoday