Colombo Today Local News

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් පැය 152කට අධික කාලයක් ප්‍රශ්න කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය දින16ක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෙතරම් දින ගණනාවක් වෙනත් කිසිදු අයෙකුගෙන් කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය ප්‍රශ්නකර නොමැති බවය.

දිනකට පැය 08කට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවත් ඒ අනුව පැය 152කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ජනාධිපති කොමිසමේ ප්‍රකාශයෙකු සඳහන් කරයි.

නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඉදිරි දිනවලදීත් ප්‍රශ්න කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා පවසයි.

ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙනත් අයකුගෙන් ප්‍රශ්න කර ඇති වැඩිම කාලය දින හතරකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් රහසිගත ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ 2019 ජුලි 24 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත ස්ථානයකදීයි.

මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද තුන්වන දිනයටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේය.

Related posts

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin

තඹුත්තේගම ලක්ෂ 223ක කොල්ලය නැවතූ පොලිස් වීරයාට උසස් වීමක්

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

“ආවේගශීලී විරෝධතා” ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් – හදිසි නීතිය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ඉන්දන මිල ඉහල දමනවාද? ඇමති ගම්මන්පිල බලාපොරොත්තු වන දේ..

colombotoday