Colombo Today Local News

රාජිතට හොදම ස්ථානය බන්ධනාගාරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥයන් විසින් අධිකරණය හමුවේ අයදුම්පතක් ගොනු කර තිබේ.

ඇප අයදුම්පතේ සදහන්ව තිබුනේ වයස අවුරුදු 70 ක් වන හිටපු ඇමතිවරයාට බන්ධනාගාරවල දී කොරෝනා වැළඳීමේ ඉඩකඩක් ඇති නිසා මානුෂිකව සලකා බලමින් ඇප නියම කරන ලෙසයි.

තවද ඔහුට මේ වන විට හෘද සැත්කමක් කර ඇති බවත් දීර්ඝකාලීන ඖෂධ ලබාගන්නා බවත් තවත් සෞඛ්‍යමය හේතු ගණනාවක් ඇති නිසා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ එවන් තත්ත්වයක පසුවන පුද්ගලයෙකුට හොඳම ස්ථානය බන්ධනාගාරයේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය බවයි.

Related posts

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු ගහලා.

colombotoday

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලිය නෑ

Admin

සහරාන් සමග සබඳතා පැවැත්වු පුද්ගලයෙක් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට

Admin

ධම්මිකගේ කොවිඩ් පැණිය ට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය

colombotoday

රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

Admin