Colombo Today Local News

හරින්ට නිල නිවසක් සමගින් තනියට අත්භූත නාගයෙක්

harin_cobra

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති නිල නිවසේ අත්භූත නාගයෙකු සිටින බවට රාවයක් පැතිර තිබේ.

මේ අත්භූත නාගයා සම්බන්ධ කතාව මුලින්ම කල එළි බැස ඇත්තේ මීට වසර ගණනකට ඉහතදී එහි පදිංචියට ගිය පුත්තලම ප්‍රදේශයේ දේශපාලඥයකු විසින් අවස්ථා කිහිපයකදීම එම නිවසේ සිටි නාගයා අල්ලා දුර ප්‍රදේශවලට මුදාහැරියද නැවත නැවත පැමිණීම නිසාය.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙවැනි පුවතකි.

මෙම නිල නිවස තැනීමට පෙර අදාල ස්ථානයේ නාග තුඹසක් තිබූ බවත්, එහි නායගන් දෙදෙනාකු සිටි බවත් පැවසේ.

නිල නිවස තැනීමට පැමිණි බාස්ලා උදැල්ලකින් ගසා එක් නයෙක් මරා දමා ඇති බවත්, අනෙක් නාගයාගේ පෙනේ දෙපලුවන්නට පහරදී ඇති බවත් වාර්තා වේ.

එසේ පෙනේ දෙපලුවූ නයා අමාරුවෙන් පැනගොස් ඇති බවත්, පසුව එසේ නයින් මරා දැමීමට මුල්වූ බාස්උන්නැහැ වාඩිය තුළ නාගයකු දෂ්ටකිරීම නිසා මරණයටපත්වූ බවත් පැවසේ.

Related posts

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

Admin

පියුමි හා චන්දිමාල් මිලියනය බැගින්වූ ශරීර ඇප මත මුදාහරී

colombotoday

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ කුඩු සහ ලක්ෂ 21ක් සමග අත්අඩංගුවට

colombotoday

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

colombotoday

කෝප් සහ කෝපා රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin