Colombo Today Local News

හදිසි තත්ත්වයක්… කටුනායකට ආ යානය මත්තලට හරවා යවයි…

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.

ඕමානයේ සිට පැමිණි ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්. අයි.- 373 දරන ගුවන් යානයයි. මෙම යානය 4/25 දින රාත්‍රී 7.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට නියමිතව තිබුණත් , ඒ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට පැවති අධික අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා රාත්‍රී 8.24 ට මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බා ඇත.

මෙම යානය බෝයිං – 737 වර්ගයේ ගුවන් යානයක් වන අතර , එහි මගීන් 86 ක් සහ කාර්යය මණ්ඩලය 15 ක් සිටියහ.

Related posts

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

Admin

“දුරකථන ගාස්තු වැඩිවුණේ සුළු ගානකින්නෙ.. ඒක ජනතාවට දැනෙන්නෙවත් නෑ” – ඇමති හරීන්

colombotoday

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල දිගටම වසා තබයි. දෙපාර්තමේන්තුවට දිනකට රු මිලියන 17 ක ඉතිරියක්

colombotoday

නාමල් කුමාර යළි රිමාන්ඩ්

colombotoday

යලිත් දිවයින පුරා ඇඳිරිනීතිය

colombotoday

අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර වලට සහල් නොදෙන්න – කෘෂිකර්ම ඇමති දැනුම් දෙයි

Admin