Colombo Today Local News

සුරියවැව දී ක්‍රිකට් ලෝලීන්ට සිදු වූ ප්‍රහාරයට ක්‍රීඩා ඇමති සමාව ගනියි

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි වසර කිහිපයක් තිස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, වසර හතරකට පසු පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (26) එම ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී. මෙහි දී ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්වීමට සිදුව තිබීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා..

එමෙන්ම, මේ පිළිබඳ සැල වූ වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද තමා වෙත පුද්ගලිකව ම කතා කළ බවත් කඩිනමින් මේ පිළිබඳ සොයා බලන ලෙස තමාට උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙම සිදුවීම සම්බන්ධව වහාම පරීක්ෂා කර බලා අදාළ වාර්තාව ජනාධිපතිතුමන් වෙත සහ අගමැතිතුමන් වෙත ලබාදීමට ඉතා ඉක්මණින් කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද සඳහන් කර සිටියා.

Related posts

එඩ්වඩ් කුමරු සමග නිදහසේ 70 අභිමානයෙන් සමරන්න සියල්ල සූදානම්…

colombotoday

සිවාජිගේ විරෝධයෙන් යාපනේ “සංඝමිත්තා – මිහිඳු – කාවන්තිස්ස” ප්‍රතිමා ඉවතට

colombotoday

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday

එල්ලා මරණ දිනය සහ එල්ලන වරදකරුවා තීරණය කර අවසන්…

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday