Colombo Today Local News

සැකකරුවන් වීඩියෝ තුළින් අධිකරණයට

නව තාක්ෂනය යොදාගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වු පලමු අදියරය ලෙස අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හා බන්ධනාගාර සම්බන්ධ කිරිමේ පලමු පරික්ෂණ නියමු ව්‍යාපෘතිය අද (20) දින ආරම්භ විය.

අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට අද නඩු විඩීයෝ තාක්ෂණය ඔස්සේ කැඳවනු ලැබූ බවයි අධිකරණය අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

මෙය විශේෂිත මෘදුකාංගයකින් සමන්විත අතර බන්ධනාගාර රැදවියන් අධිකරණයට රැගෙන ඒම වෙනුවට වැලිකඩ බණ්ඩනාගාරයේ ස්ථාපිත කල තාක්ෂණික භුමියේ සිට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මෙය තව දුරටත් පුළුල් කිරිමේ ඉදිරි පියවර ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි එම තාක්ෂනය හදුන්වා දී ස්ථාපිත කිරිමට මේ වන විටත් වැඩකටයුතු සැකසෙමින පවතින බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම අවස්ථාව සඳහා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටිය.

Related posts

මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළට – මහ බැංකු අධිපති

colombotoday

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

Admin

බුස්සේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

colombotoday

උතුරට යළි හමුදා ආරක්ෂාව ලබා දෙන්න – TNA ඉල්ලයි

colombotoday

අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න

colombotoday

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට

colombotoday