Colombo Today Local Newsextremism & terrorism activities

සහරන්ගේ සොහොයුරාගේ ඉඩමෙන් හමුවූ කඩු දිවයින පුරා පල්ලිවලින් හමුවූ කඩුවලට සමානයි.

සහරන්ගේ සොහොයුරාගේ ඉඩමෙන් හමුවූ කඩු දිවයින පුරා පල්ලිවලින් හමුවූ කදුවලට සමාන බව පාස්කු ප්‍රහාරය සිදුවන විට කාත්තන්කුඩි පොලීසියේ පොලිස් ස්ථානාධිපතිපාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබා දෙමින් අනාවරණය කර සිටියා.

කොමිසම හමුවේ ඊයේ (19) රාත්‍රියේ සාක්ෂි ලබා දුන්නේ 2017 වසරේ අගෝස්තු සිට 2020 ජනවාරි දක්වා කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චි මහතායි.

සහරාන් හෂීම්ගේ සහෝදරයකු වූ රිල්වාන් හෂීම් රැඳී සිටි ඔල්ලිකුලම් හි ඉඩමකින් පාස්කු ප්‍රහාරයෙන් පසු යම් කිසිවක් සොයාගැනීමට හැකිවූයේදැයි කොමිසම ඔහුගෙන් විමසීය.

එම ඉඩමේ වල දමා තිබූ චීනයෙන් ගෙන්වන ලද සහ මෙරට නිෂ්පාදිත කඩු තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගත් අතර එම කඩු පාස්කු ප්‍රාහාරයෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හා පල්ලිවලින් හමුවූ කඩු හා සැසදීමේදී සමාන බව සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළේය.

Related posts

මැත් වීමේ සම අයිතිය ඉල්ලා සිනමා නිළියකුත් උසාවි යයි

colombotoday

කෝටි ගණනක් වටිනා ගංජා හේන් 3ක් වටලයි

colombotoday

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

නව ව්‍යස්ථාව ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමට රටපුරා සම්මන්ත්‍රණ ඇරඹෙයි

colombotoday

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday