Colombo Today Local News

සමාජ දුරස්ථභාවය නොසලකා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගන්න පියවර

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හෙට (26)දින සිට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයෑමට හැකිතාක් මහජනතාව කටයුතු කළ යුතු බවත් අන් සියලු දෙයට වඩා සමාජ දුරස්ථභාවයට මුල් තැන දී කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

එසේ නොකරන පුද්ගලයින්ට නිරෝධායන නීතින් යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත විශේෂ නියෝගයක් ලබා දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Related posts

ඇමති මංගලගේ ගෝලයෝ සිරසට සහ මව්බිමට කඩා පනිති. ජවිපෙ සාමාජිකයෝත් ඒ අතර

colombotoday

හිජාස් හිස්බුල්ලා මුදා හැරේ

colombotoday

ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපතිගේ අනුග්‍රාහකත්වයෙන් රණව්රු මවකට නව නිවසක්

colombotoday

රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ – රවී කරුණානායක ජනතාව ගැන හිතයි

Admin

බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට බාර දෙන ලෙස නියෝගයක්

colombotoday

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කථානායක සහ ජවිපෙ එන්න බෑ කියයි

colombotoday