Colombo Today Local News

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුගේ රියදුරාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ජාතික සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක (හගුරන්කෙත) ජයලත් දිසානායක මහතා අද(23) දින උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හගුරන්කෙත පොලිසිය පවසයි.

සම්බන්ධිකරණ ලේකම්වරයාගේ රියදුරා වන ප්‍රගිත් අත්තනායක මහතා හගුරන්කෙත ජල සම්පාදන මණ්ඩල කාර්යයාලට ඊයේ(22) දින සිය පුද්ගලික කටයුත්තක් සදහා ගොස් ආපසු පැමිණෙන විට සි.බි.රත්නායක මහතාට මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා උදව් නොකරන ලෙසට බැන වදිමින් ජයලත් දිසානායක මහතා පහර දුන් බවටයි හගුරන්කෙත පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

පහර කැමට ලක් වුවේ යැයි කියන ප්‍රගිත් අත්තනායක මහතා හගුරන්කෙත ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හගුරන්කෙත පොලිසිය පවසයි.

Related posts

උමාරියා සින්හවංශ අත්අඩංගුවට

colombotoday

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

colombotoday

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

colombotoday

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ මංගලට අභියෝගයක් !

colombotoday

වගා ළිදකට වැටී 18හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට

colombotoday