Colombo Today Local News

සබිතගේ කෝටි දෙකේ කුලී බිල්ඩිමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවතට

රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්‍රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය එතැනින් වහාම ඉවත්කර එම අමාත්‍යාංශය පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට රැගෙන යෑමට අනුමැතිය ගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකාවක්  කැබිනට් මණ්ඩලයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය.

කුලී මුදල් විශාල වශයෙන් ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ හා රජයේ ආයතන ඒ ස්ථානවලින් ඉවත්කර නැවතත් රජයේ ගොඩනැගිලිවලට ගෙනයෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය එම පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කෙරෙන්නේද ඒ අනුවයි.

කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන මන්දිරයෙන් ඉවත් කර රාජගිරියේ මෙම පෞද්ගලික ගොඩනැගිල්ලට රැගෙන ගොස් තිබුණේ 2016 වර්ෂයේදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ මේ ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට ගෙවන කුලී මුදල රුපියල් දෙකෝටි හතළිස් දෙලක්‍ෂයකි.

මේ අනුව මේ දක්වා වූ කාලයේදී එම පෞද්ගලික ගොඩනැගිල්ල වෙනුවෙන් ගෙවා ඇති කුලී මුදල රුපියල් අසූහය කෝටි හතළිස් ලක්‍ෂයකැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
 

කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලකට  රැගෙන යෑමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ 2015 වර්ෂයේ සැපතැම්බර් මාසයේදීය.

කැබිනට් අනුමැතිය ලැබී තිබුණද ඒ ගොඩනැගිල්ල යථාවත් කර ගැනීමට සිදුවූ හෙයින් අමාත්‍යාංශය මාස අටක පමණ කාලයක් තිස්සේ ඒ ස්ථානයට රැගෙන යෑමට නොහැකි වූ අතර ඒ මාස අටක කාලය වෙනුවෙන් ද කුලී මුදල් ගෙවා තිබූ බව කියති.

මේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගෘහ උපකරණ හා විදුලි සෝපානයක් මිලදී ගැනීම සඳහා ද රුපියල් කෝටි 50ක පමණ මුදලක් රජය වැයකර තිබිණැයි අනාවරණය විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය කලින් පවත්වාගෙන ගිය බත්තරමුල්ල ගොවින මන්දිරයේ මේ වනවිට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්‍ෂණ කාරක සභා පවත්වාගෙන යන අතර ඒ කාරක සභා මේ අනුව නැවතත් පාර්ලිමේන්තුවට රැගෙන යෑමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

ආංශික අධීක්‍ෂණ කාරක සභා එහි රැගෙන ඒමට ප්‍රථම ගොවිජන මන්දිරය පිලිසකර කෙරුණු අතර ඒ පිළිසකර කටයුතු සඳහාද රුපියල් කෝටි ගණනක මුදලක් වැය කෙරිණ.

Related posts

‘පැහැරගැනීමට හිරුණිකා සම්බන්ධ බවට සාක්ෂි නෑ.. අත්අඩංගුවට ගන්න බෑ’ – ශ්‍රී ලංකා පොලීසිය

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට උපදේශක සභාවේ අනුමැතිය

colombotoday

ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවට

Admin

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

Admin

CID ය මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

රිෂාඩ් බදුර්දීන් බේරාගන්න තවත් උත්සහයක්. | සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතළිහක් අත්සන් තබති.

colombotoday