Colombo Today Local News

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

ශ්‍රී ලංකාව තුළ එකමුතුව සහ ප්‍රජාවන් අතර විශ්වාසය නැවත ගොඩ නැගීමට කාලය එළැඹ ඇතැයි ද ඒ සඳහා දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සහ ප්‍රජා නායකයන් ඇතුළු සෑම සියලු දෙනාම එක්සත්ව කටයුතු කළ යුතු යැයි ද මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මෙරට කොළඹ කාර්‍යාලය මේ බව සදහන් කරන අතර ඒ මෙරටට ප්‍රදේශ කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.

ජාති ආගම් භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකිකයකුගේම ආරක්ෂාව සහ ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු යැයි ද එහි සදහන් කර ඇත.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාව තුළ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය කොළඹ කාර්යාලය ඒ සම්බන්ධයෙන් මහත් ඕනෑකමකින් සහ සැලකිල්ලෙන් පසුවන බවද එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්ව ඇත.

“ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ වත්මන් තත්ත්වය උග්‍ර අතට හැරීම වැළැක්විය යුතුයි. සියලු දෙනා එක්ව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ ඉතා සුළු පිරිස සහ වෛරී ප්‍රකාශ කළ අයට අනුබල දුන් දේශපාලනඥයන්, ආගමික නායකයන් සහ අනෙකුත් නායකයන් හෙළා දැකිය යුතුයි.

තිරසර සාමය පවත්වාගෙන යෑම සඳහා එකමුතුව වෛරය ප්‍රතික්ෂේප කිරීමේ ඉතා වැදගත් සංධිස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ සිටී. රට අනාරක්ෂිත කරන සහ ප්‍රචණ්ඩත්වය අනුබල දෙන වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වැළැක්වීමට සෑම පුරවැසියකු සතුවම වගකීමක් තිබේ. වෛරී ප්‍රකාශ මගින් තවදුරටත් අසමඟිය ඇති කරන අතර දැනට තිබෙන නොසන්සුන්තාවට තවදුරටත් වැඩි කරමින් බිය ඇති කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම සහ සෑම ප්‍රජාවකගේම අයිතිවාසිකම්වලට ගෞරව කරමින් සියලු දෙනාට සමානව සලකන්නැයි හදිසි නීතිය තම රාජකාරීවල ආරක්ෂක අංශවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටී. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් සහ ඒවාට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.”

Related posts

තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළී කතුන් තිදෙනෙක් බිලි ගනී

colombotoday

පොලිස් නිලධාරිනියට සද්දේ දැමූ හොර දොස්තර කූඩුවට

colombotoday

ජනපතිගේ තත්ත්වය ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් !

colombotoday

බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට අසාධ්‍යයයි

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

colombotoday