Colombo Today Local News

විශ්‍රාම නොයන බව ජනපති කියයි.

රට වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

විශ‍්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතිහාසයට එක්වන සුවිශේෂ වැඩකොටසක් තමන් ඉකුත් පස් වසර තුළ පොළොන්නරුව දිස්ති‍්‍රක්කය වෙනුවෙන් ඉටුකළ බවයි.

Related posts

මහනුවරින් යන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

Admin

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

ඉන්ධන නැති කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නවතී

colombotoday

ලිට්‍රෝ ලැබූ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට දෙයි

Admin

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday

අලුත් බද්දෙන් දුරකථන ගාස්තු වැඩිනම් අන්තර්ජාල ඇමතුම් ගන්න – Digital ඇමති ජනතාවට කියයි

colombotoday