Colombo Today Local News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොරෝනා දෙවන පෙල ආශ‍්‍රිතයෙක් – සෞඛ්‍ය ඇමතිනියගෙන් ප්‍රකාශයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයෙකුගේ දෙවැනි පෙල ආශ‍්‍රිතයෙක් ලෙස හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

එසේ හඳුනාගත් වහාම සෞඛ්‍ය අංශ විසින් ඔහුට ඒබව දැනුවත් කර ඇතැයිද ඇමතිවරිය පැවසීය.

යාල වනෝද්‍යානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ආශ්‍රිත වී ඇතැයි ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සෞඛ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

මීට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමාට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් එලෙසින්ම ක්‍රියාත්මක කළ බවයි.

Related posts

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

අධිකරණ පරිශ්‍රයේදී රිෂාඩ්ගේ නීතිඥයා නිරෝධායන නීති උල්ලංඝනය කරයි. – නීතිය ක්‍රියාත්මක නොවෙයි

colombotoday

පොලීසියට තග දැමූ දිලීප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය රිමාන්ඩ්

colombotoday

ආපන ශාලාවට ගිය සිසුන්ට කොසුමිටකින් පහර දුන් ගුරුවරයෙක්

Admin

රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කෙරෝනා

colombotoday