Colombo Today Local News

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට සහ 2015 වසරේ පැවැති මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ කුමරන් සර්වානන්ද ට ලබන 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති කොමිසම හමුවේ චුන්නාකම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඥාණලිංගම් මයුරන් මහතා ලබාදුන් ප්‍රකාශයකට අනුවය.

අද (05)දින කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඥාණලිංගම් මහතා ප්‍රකාශ කළේ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනයට කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂීකුමාර් හෙවත් සුවිස්කුමාර් නැමැත්තා මුදාගැනීම සඳහා විජයකලා මහේෂ්වරන් මහත්මිය ඍජුව මැදිහත් වූ බවය.

එමෙන්ම චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයේ දී 2011 වසරේ සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු අත්අඩංගුවෙන් මිදී පළා යාමේදී දියේ ගිලී මියයාම සම්බන්ධයෙන් තමා ඇතුළු නිලධාරීන් 05 දෙනෙකු වසර 10ක කාලයක් සඳහා සිරගත කරනු ලැබුවේ විජයකලා මහේෂ්වරන්ගේ බලපෑම මත විය හැකි බවද ඔහු පැවසීය.

ඒ අනුව, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට සහ කුමරන් සර්වානන්ද යන අයටත් සැප්තැම්බර් 17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබිණි.

Related posts

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

colombotoday

VPN වලින් ෆේස්බුක් ඇවිත් ලෝක වාර්තාවකුත් තියා අපේ අය ගත්ත ආතල් මෙන්න (Photo)

colombotoday

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

Admin

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday