Colombo Today Local News

විකල්ප අපේක්ෂකයා ලෙස චමල් ජනාධිපතිවරණයට !

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විකල්ප අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අද දිනයේ සලකා බැලෙන නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉදිරි කාලයේ දී ද ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව විවිධ නඩු පවරනු ඇතැයි සලකා මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තෙක් කාලසීමාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට යම් නීතිමය බාධාවක් නොවුවහොත් චමල් රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වනු ඇති බවද සඳහන්.

ගෝඨාභය රාජපක්ෂ මහතාට යම් බාධාවක් මතුවුවහොත් චමල් රාජපක්ෂ මහතාට විකල්ප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related posts

ලාල්කාන්ත මහනුවරින් තරග කිරීමට යයි

colombotoday

හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

බලධාරීන් වහා ඉවත් වී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතුයි – අරගලකරුවන් ඉවත් කිරීම ගැන ජාත්‍යන්තරයෙන් විරෝධයක්

colombotoday

තව්හිද් ජමාත් ප්‍රබලයන් 50ක් තවමත් නිදැල්ලේ….

colombotoday

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday