Colombo Today Local News

බලධාරීන් වහා ඉවත් වී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතුයි – අරගලකරුවන් ඉවත් කිරීම ගැන ජාත්‍යන්තරයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන්ගා ලු මුවදොර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය ගැන දැඩි අවධානය යොමු කළ බව ට්විටර් සටහනක් තබා පවසයි.

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම තමන් පැහැදිලිව පෙන්වා දී ඇතැයි ඇති එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.

මේ අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙන්නේ, අදාළ සිදුවීම මෙය පිළිගත නොහැකි බව ය.

බලධාරීන් වහා ඉවත් වී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.

එමෙන් ම, ශ්‍රී ලංකා බලධාරීන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වහා ම නැවැත්විය යුතු අතර මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත් අය නිදහස් කළ යුතු බව එම සංවිධානය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Related posts

ජනපති කොමිෂන් වාර්තාවෙන් මහින්ද, ගෝඨාභය චූදිතයන් කෙරේ.. නඩු පැවරීමට නිර්දේශ

colombotoday

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday

බෞද්ධ විහාරස්ථාන උතුරෙන් ඉවත් කරන්න කාටවත් බෑ – ඇමති ස්වාමිනාදන්

colombotoday

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

colombotoday

පිරවුම්හලක අයිතිකරු සහ සේවකයින් එක්ව පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

colombotoday

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

colombotoday