Colombo Today Local News

වැටුප්, වාහන, දීමනා එපා… රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා – ඉරාජ් ජනපතිට දන්වයි

ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර සිටින ජනප‍්‍රිය ගායක හා සංගීත අධ්‍යක්‍ෂ ඉරාජ් වීරරත්න මහතා එම තනතුරට හිමි මාසික දීමනාව හා තමන්ට වාහන පහසුකම් අනවශ්‍ය බව ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

එම තනතුරට අදාළ සියළුම කටයුතු තම පුද්ගලික වියදමින් සිදුකිරීමට බලාපොරොත්තුවන බවද ඔහු එම ලිපියේ සදහන් කර ඇතැයි වාර්තා වේ.

තමන් මෙම තනතුර බාරගන්නා බවත් රජයෙන් ලැබෙන දීමනා නොමැතිව තමන්ට ජීවත්විය හැකි බවත් පවසමින් ඉරාජ් වීරරත්න මහතා පෙරේදා වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට මුදාහැර තිබිණ.  

අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකුට එම රැස්වීමකට සහභාගිවීම වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මාසික දීමනාවක් හා රැස්වීමට සහභාගි වීමට පමණක් වාහහන පහසුකම් ලබාදෙනු ලැබේ.

රාජ්‍ය ආයතන සදහා ප‍්‍රධානීන් තෝරාගැනීම සදහා පත්කළ සය පුද්ගල විද්වත් කමිටුව විසින් කරන ලද නිර්දේශය අනුව ජනාධිපති ලේකම්වරයාගේ දැනුම්දීම මත සංචාරක සංවර්ධන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් ඉකුත් (14) වැනිදා මෙම පත්කිරීම කරනු ලැබීය.

හිපොප් ගායකයකු ලෙස ප‍්‍රසිද්ද ඉරාජ් වීරරත්න මහතාගේ ඇතැම් ගීත සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජයේ දැඩි කතාබහක් ද ඇති විය.

Related posts

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

ගෝඨාට ඡන්දය දෙන්න කිසිදු බාදාවක් නෑ

colombotoday

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

හැසිරීම ඉතාම අසික්කිතයි.. 05 වෙනිදා උදෙට ගනුදෙණුව බේරාගමු…

colombotoday

අරගල කරලා ආණ්ඩුව එළවයි කියලා දැන් බයක් සැකක් තියාගන්න එපා.. දරුවන් සිරකිරීම අසාධාරණයි

Admin