Colombo Today Local News

වාහන, ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනයට සීමා පැනවේ.. රුපියල රැකගන්න ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි ගත් තීරණය මෙන්න

ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් වේ.

■    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ.

■    රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවනු ලැබේ.

■    සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ.

■    දෙමුහුන් (හයිබි්‍රඞ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනය කෙරේ.

■    බස්රථ, ලොරි සහ ගිලන් රථ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

■    ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

මෙම නියමයන් අද (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන නමුත් විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.

Related posts

නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් ඉන්දියාව දුන් ඇ.ඩො.මි. 400ක මුදල නැවත ඉල්ලයි

colombotoday

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday