Colombo Today Local News

වන්නියට ඇමති රිෂාඩ් බද්යුදීන් විශාල සේවයක් කරනවා. කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මමවත් දන්නේ නෑ. – අගමැති කියයි

වන්නි දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අරමුදල් සම්පාදනය කර ගන්නා අයුරු තමන් නොදන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (14දා) වව්නියාවේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මේ ප්‍රදේශයේ (වන්නි) ඇමති ලෙස රිෂාඩ් බද්යුදීන් මහතා විශාල සේවයක් කරගෙන යනවා. කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මමවත් දන්නේ නෑ. දැන් මන්නාරමටත් නවීන රෝහලක් දෙන්න තමයි සිදුවෙලා තිබෙන්නේ. ඒකත් කරනවා. මුළු වන්නියේම අලුත් රෝහල් ක්‍රමයක් ඇතිවෙන්න යනවා.

මේ රටට ආහාර සපයන විශාලම ප්‍රදේශයක් ලෙසට වන්නිය හඳුනාගෙන තිබෙනවා. වන්නියට ඕක සම්ප්‍රදායික කාෂිකර්මය නෙමෙයි. අපි නවීන කෘෂිකර්මය මෙහාට ගෙනෙන්න තිබෙනවා.

ඒ නිසා මතක තියා ගන්න වන්නිය සංවර්ධනය කරන්න ඕන. සංවර්ධනය කරන අයත් එක්ක යන්න ඕන. අවුරුදු පහක් වන්නිය අමතක කරපු අයට දෙන්න (ඡන්දය) එපා.”

Related posts

ගෝඨාභය ජනාධිපති සිහිනය අත්හැරිය යුතුයි – දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රීදරන්

colombotoday

ඇඳයි මෙට්ටෙයි මාරු කළා පිනට ආව මකුණෝ අපිව කෑවා – කබීර් හෂීම්

colombotoday

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

colombotoday

වියළි කහ තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා කෙරේ

colombotoday

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යළි ඇරඹෙයි

colombotoday