Colombo Today Local News

ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට පාකිස්තානයෙන් ඉහළම සම්මානයක්

මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය (Aman International Naval Exercise) සඳහා සහභාගී වී සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය.

පාකිස්ථානයේ ජනාධිපති අරිෆ් අල්වි (His Excellency ArifAlvi) විසින් ඉස්ලාමාබාද් නගරයේදී පැවති විශේෂ උත්සවයකදී ඊයේ (13දා) දින මෙම පදක්කම් ප්‍රධානය සිදු කරන ලදී.

ද්මිරාල් විජේගුණරත්න1995 දී පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයෙන් ගෞරව (BSc (Honours) (War Studies)) උපාධිය ලබා ඇති අතර, එය මෙරට හමුදා නිලධාරියෙකු ලද ප්‍රථම උපාධිය ලෙස ඉතිහාසයට එක්ව ඇත. අද්මිරාල් විජේගුණරත්න අසමමිතික නාවික සංග්‍රාම (Asymmetric Naval Warfare) හා කුඩා යාත්‍රා මෙහෙයුම් පිළිබඳ විශේෂඥයෙකු වන අතර, නාවික හමුදාවේ කොමාණ්ඩෝ බලකාය ලෙස සලකන විශේෂ යාත්‍රා බලඝණයේ (Special Boats Squadron (SBS)) නිර්මාතෘ මෙන්ම එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරියාද වන්නේය.

පාකිස්ථානයේ ලාහෝර්හි පිහිටි යුද පාසලෙහි (War College) නිත්‍ය කතිකාචාර්යවරයෙකුද වන විජේගුණරත්න, යුධබිමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා අසමමිතික නාවික මෙහෙයුම් පිළිබඳව සිය දේශන පවත්වනු ලබයි.

නාවික හමුදාධිපති ධූරය දරණ සමයේදී මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වර්ථමානයේදී දෙරටේ හමුදාමය සම්බන්ධතාවයන් වර්ධනය කිරීමෙහිලා ඔහු විසින් සේවයක් සිදු කර ඇත.

Nishan-i-Imtizනමින් හැදින්වෙන පදක්කම සුවිශේෂී ජයග්‍රහණයන් උදෙසා එරට සිවිල් පුද්ගලයන් ට පිරිනමනු ලබන ඉහළම අගැයීම් සම්මානය වේ. එම පිදුම සිවිල් පුද්ගලයින් මෙන්ම හමුදාමය පුද්ගලයින්ට පවා පිරිනමනු ලබයි. ඔවුන් එය හමුදා පළඳනාවක් ලෙස තම නිල ඇඳුමෙහි පලඳිනු ලබයි.

අතිශයින්ම සීමිත හා ගෞරවාන්විත ප්‍රධානයක් වන Nishan-e-Imtiaz නමැති පදක්කම, ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රධානය කරනු ලබන ජානාධිපති නිදහස් පදක්කම (Presidential Medal of Freedom- USA) සහ මහා බ්‍රිතාන්‍ය විසින් පිරිනමනු ලබන (Order of British Empire-UK)යන පදක්කම් වලට දළ වශයෙන් සමානත්වයක් උසුලයි.

Related posts

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ මහා ග්‍රහ සංයෝජනයක්

colombotoday

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

colombotoday

නවාතැනින් පැන්නු ආසාදිතයින් සිව් දෙනා ත්‍රීරෝද රථයක

colombotoday

දඩයමේ ගිහින් තැබු වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් මරුට

colombotoday

බැංකුවකට ඇතුළු වී මුදල් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday