Colombo Today Local News

“ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..” විග්නේෂ්වරන් ඉන්දියාවේ දී කියයි

ශ්‍රී ලංකාවේ සිංහලයන්ට පෙර දෙමළ ජනතාව පදිංචි වී සිටියේ යැයි තහවුරු වී ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සීවී විග්නේෂ්වරන් සඳහන් කරයි.

සිංහල ජනතාවගේ හා දෙමළ ජනතාවගේ DNA පරික්ෂා කිරීම් වලින්ද ඒ බව තහවුරු වී ඇතැයි ද හිටපු මහ ඇමතිවරයා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කරන්නේ ඉන්දියාවේදී පැවැත්වුණු ජාත්‍යන්තර දෙමළ සංවිධානයේ වැඩසටහනක දේශනයක් සිදු කරමිනි.

සිංහල භාෂාව ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තුපූර්ව හයවන සහ හත්වන සියවස්වල බවත් දෙමළ භාෂාව ඊට කලින් ආරම්භ වී ඇති බවද ඔහු එහිදී පවසා තිබේ.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට වන ප‍්‍රකාශයන් පිළිගැනීමට නොහැකි බවද ඔහු එහිදී තවදුරටත් සඳහන් කර ඇත.

Related posts

සුදුසුකම් නැති පළාත් පාලන කොමසාරිස්වරුන් පන්නයි.

Admin

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ ලබන සඳුදා සිට

colombotoday

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday

ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශේෂ ගුවන් යානයකින් ඊයේ ඇවිත්

colombotoday