Colombo Today Local News

“රෝ” ඔත්තුකරුවා ගැන CIDය විමල් වීරවංසගෙන් ප්‍රශ්නකිරීමට යයි

ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරිමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා විමල් වීරවංස මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙම විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයා “රෝ” ඔත්තු සේවයේ සාමාජිකයකු බවට මාධ්‍ය ඔස්සේ සිදු කළ විවිධ ප්‍රකාශ මත මෙම ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

එසේම එම ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකළ ප්‍රකාශ මත පදනම්ව විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වේ. “රෝ” ඔත්තුකරුවෙකු යැයි විමල් වීරවංස මහතා විසින් සඳහන් කළ එම ඉන්දීය ජාතිකයා ශෂී වීරවංස මහත්මිය හමුවී සාකච්ඡා කර ඇති බවද පසුගියදා මාධ්‍ය වාර්තා පල කර තිබිණි

ජනාධිපති, හිටපු ආරක්‍ෂක ලේකම් සහ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව විමල් වීරවංස මහතාට අමතරව ඉදිරියේදී තවත් දේශපාලනඥයන් තිදෙනකුගෙන් පමණ ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍ර මව්බිම

Related posts

මාව­නැල්ල ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය නැති­වීම ගැන 52කගෙන් ප්‍රකාශ අර­ගෙන

colombotoday

මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Admin

එදා ‘‘යැංකි ඩිකී‘‘. අද ‘‘යැංකි විකී‘‘ ඇමරිකන් ගැති නෑයන් දෙදෙනෙකු ගැන වාසු කියයි

colombotoday

සහරාන් සමඟ සබඳතා පැවැත්වු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

නීති විරෝධී ලෙස වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෝ 12ක් කාත්තන්කුඩියේදී අල්ලයි

colombotoday