Colombo Today Local News

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන කැබිනට් තීරණය

රාජ්‍ය සේවකයින්ගේ පවතින සියලු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ සියලු වැටුප් විෂමතා ජාතික වැටුප් කොමිසමට යොමු කර ඒවා ඉවත් කිරීමට අදාළ වැඩසටහනක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පවසයි.

ඊයේ (22)දින අමාත්‍ය මණ්ඩලය රැස්වු අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ඕනෑම විශ්‍රාමිකයෙකුට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

ඊට අදාළව ප්‍රධාන නගරවල පිහිටි රජයේ රෝහල්වලින් මෙම රක්ෂණ ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරයට “රාජ්‍ය සේවකයින් සඳහා වන විශේෂිත වාට්ටු සංකීර්ණ” ඇති කිරීමට සැළැස්මක් සකස් කිරීමට ඊයේ (22)දින පැවති කැබිනට් සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Related posts

ස්කොට්ලන්ත සංචාරය නිම කර ජනාධිපති යළි දිවයිනට

colombotoday

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

‘රටේ සියළු ආගම් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටිනවා’ – ජනපති

colombotoday

අයි.ඕ.සි ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහලට

colombotoday

නිරෝධායන හෝ සංචරණ නීති කැඩුවොත් අවුරුදු 6ක් හිරේ

colombotoday

බෝගස්වැ‍ව අහිංසකයන් වෙනුවෙන් හඩනැගූ පියනන්ද හිමිට උසාවියෙන් වරෙන්තු !

colombotoday