Colombo Today Local News

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ආරක්ෂක ලේකම්

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන සියලුම පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට සහ අනාගත පාරම්පරාවට ආරක්ෂාව සහතික කර
සුරක්ෂිත රටක් ඇති කිරීමට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන සියලුදෙනා තම රාජකාරිය සතුටින් කළ යුතු බව ඒ මහතා පැවසීය.

“පොඩි මිනිහා සිතුටින් සිටියේ නැතිනම් ප්‍රතිඵල ලබා ගන්නට බැහැ. මීට සති හතරකට පහකට ඉස්සෙල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් මම ඇති කළා ඉඩම් මංකොල්ලයට විරුද්ධව” යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

“රාජ්‍ය සේවයේ අවුරදු 15ක් පමණ සේවය කරලා ඉන්න ගෙයක් නැහැ, කුලියට ඉන්නේ දරුපවුල එක්ක, ගිහින් ඉඩම් කෑලක් ගන්නවා කොහෙන් හරි තියෙන බැංකු ණය සියල්ලක්ම අරගෙන, මාස හත අටකට පස්සේ එනවා ගත්තු ඉඩම් කෑල්ල බලන්නට, අවිත් බලනකොට වෙන කෙනක් ඒකේ පදිංචිවෙලා. කාට නියන්නද ? ඕක තමයි අද තියෙන තත්ත්වය,” බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඉන්ධන මිල ඉහළට

colombotoday

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday

පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

Admin

වරෙන්තු නිකුත් කර සිටි විමල් වීරවංශ අධිකරණයට එයි

Admin

පසුගිය මහ මැතිවරණයේදී නීතිඥ ලක්ෂ්මන් වසන්තට සහය නොදැක් වූ මාතලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin