Colombo Today Local News

රයිඩර්ගේ ඔත්තුවෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

අතුරුගිරිය පොලිස් වසමේ, තලංගම පයිප්ප පාර ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවේ පසුවෙන “රයිඩර්” නැමති හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අයිස් ග්‍රෑම් 150ක් සහ යතුරුපැදි 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය වයස අවුරුදු 32 ක් වු මොරටුව හා පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

මොවුන් අද (22)දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.

තලංගම, අතුරුගිරිය, කඩුවෙල, නවගමුව ප්‍රදේශවල මොවුන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබේ.

අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිලට

colombotoday

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

colombotoday

එන සතියේ දැඩි ගං වතුරක්?? ලංකාවට අනතුරු අඟවයි

colombotoday

ආරක්ෂාව ගැන සැකයිනම් යාපනේ යන්න එපා.. උතුරු ආණ්ඩුකාරවරයා සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday

සහරාන් කල්ලියේ දෙවන පෙළ නායකයන් අල්ලනවාට මුස්ලිම් දේශපාලකයන්, පූජකයන්, සංවිධානවලින් බලපෑම් !

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin