Colombo Today Local News

රත්නපුර සියලු උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු නවත්වයි

පැතිර යන කෝවිඞ් 19 වෛරස් අවදානම හමුවේ සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරිම පිණිස රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලූම උපකාරක පන්ති නැවැත්වීමට අද (06)දින රැස්වු රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකා කමිටුව තීරණය කර තිබේ.

රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ පිළිබඳව අප විමසු අවස්ථාවේ ඔවුන් එය තහවුරු කළේය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකා කමිටුව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල රැස්විම් ශාලාවේ දී ඊයේ රැස්විය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පොලිස්, ආරක්‍ෂක, රාජ්‍ය, පළාත් රාජ්‍ය, සංස්ථා, දෙපාර්තමේන්තු, ස්වේච්ජා සංවිධාන ප‍්‍රධානීන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

Related posts

හයිය පෙන්වු VIP රැකවලුන් ගැන විමර්ශන අරඹන්න CCDයට නියෝගයක්

colombotoday

අවුරුදු 12ට අඩු සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ

colombotoday

තමන්ට අනන්‍ය වූ ආකෘතියකින් ශක්තිමත් සම්පත් බැංකුව විනාශ කිරීමට ජාතිවාදය අවියක් කර ගැනීම

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin

මාතර – රත්නපුර මාර්ගයේ ‘අනිල් කන්ද’ අසල නායයෑමක්

Admin

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

colombotoday