Colombo Today Local News

යාපනයෙදී කඩු ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

යාපනය කච්චේරිය ඉදිරිපිට දී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරුපැදිවලින් පැමිණි කිහිපදෙනෙක් කඩුවකින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08)දින උදෑසන 8ට පමණ මෙය සිදුව තිබු අතර යාපනය පොලීසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් හා කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වු ස්ථානයේ සී.සී.ටීවි දර්ශන පරීක්ෂා කර සැකකරුවන් පැමිණි යතුරුපැදිවල අංක තහඩු හඳුනා ගනිමින් හා තුවාලකරුගේ ප්‍රකාශ මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් මල්ලාකම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම්වල දී කෝවිල් පාර, නීර්වේලි ප්‍රදේශයේ නිවසක සඟවා තබන ලද යතුරුපැදි 3ක්, කඩු 2ක්, කෙටේරියක් හා ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට සමත් ව තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී තවත් සැකකරුවන් දෙදෙනෙකු කෝපායි ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 20, 24, 23, 26,28 හා 37 යන වයස්වල පසුවන චුන්නාකම්, ඉලවාලේ, මල්ලකාම් හා කෝපායිවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (09)දින යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

colombotoday

දොස්තර සංගමයත් වර්ජනයකට සැරසෙයි !

colombotoday

දෙවුන්දර මුහුදේ දී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සමඟ 6ක් අල්ලයි

Admin

මරණීය දණ්ඩනයට නියම වූ වෙලේ සුදාට ඇප ලැබේ

colombotoday

හාමුදුරුවරුන්ගේ කහ කුඩ, හමුදා ඇදුම්, ඇමෝනියා ඇතුළු සැක බඩු තොගයක් පන්නල ඇලබඩගම මුස්ලිම් ගම්මානයෙන් අල්ලයි…

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin