Colombo Today Local News

යහපාලනය හැදුවේ රටේ මිනිසුන්ට නිදහසේ ඕනි දෙයක් කරන්න – “ජනපතිට විකාර” අගමැති ලංඩනයේදී කියයි

පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් ජනපතිගේ “තනපට” ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකිරීම හේතුවෙන් “යහපාලන” කිර්ති නාමයට හානි සිදුවී ඇතිබව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලංඩනයේදී පාක්‍ෂිකයන් පිරිසක් සමග ප්‍රකාශකර තිබෙනවා.

නව රජය යටතේ රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙමින් පවතින බවට ඇමරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු විදෙස් රටවල ඇගයුමට ලක්වෙමින් පවතින අවස්ථාවක ජනතාවගේ පුද්ගල නිදහස සීමා වන ආකාරයේ අදහස් දැක්වීම නුසුදුසු බවත් එය යහපාලන අගයන්ටද පටහැනි බවත් අගමැතිවරයාගේ අදහස වී ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසියස් සහභාගී වූ කොළඹ ප්‍රසංගයේදී සිදුවූ අශෝභන සිදුවීම සම්බන්ධයෙන් ජනපතිවරයා දැක්වූ අදහස් විවිධ අර්ථකතන දෙමින් සමාජ ජාලාවලද විවේචනයට ලක් කර තිබුණු අතර මෙරටට ආවේනික සංස්කෘතික වටිනාකම් ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම ගැන ජනපතිවරයා දැක්වූ අදහස් සම්බන්ධයෙන් විචාරකයන්ගේ පැසසුමට ලක්වී තිබුණා. මෙරට සදාචාරය සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර ගැනීමටනම් දැඩි තීරණ ගතයුතු බවයි ඔවුන්ගේ අදහස වී තිබුණේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනපතිවරයා දැක්වූ අදහස් හා ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනය පහතින්.

Related posts

ස්ථීරවම මේ වසරේ මැතිවරණයක් නෑ (Video)

colombotoday

හම්බන්තොට වරාය විකිණීම විවේචනය කරන ඇමති සුසිල් ගැනත් ජනපති තීරණයක් ගනී !!

colombotoday

ශල්‍යාගාරවල තදබදය මගහරවා ගන්න පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර ආණ්ඩුවට කුලියට ගන්න යයි

colombotoday

නැවතත් දිනූ පුටින්

Admin

පැය 24ක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමඟ 381ක් අත්අඩංගුවේ

colombotoday

නාවික හමුදාපති පියල් ද සිල්වා අද විශ්‍රාම යයි

colombotoday