Colombo Today Local News

“යහපාලන කිරි මුට්ටියට හිරුණිකා ගොම දැම්මා” – එජාප මන්ත්‍රීන් හිරුණිකාට එරෙහිව අවි අමෝරයි

නීතියේ ආධිපත්‍ය අවැසි බව පවසා බලය ඉල්ලූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නීතිය අතටගෙන ඇති බව දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක අශෝක ධනවංශ පෙන්වා දෙයි.

කුහක අත්දැකීමක් පදනම් කර ගනිමින් යහපාලනය ඉල්ලූ හිරුණිකා ක්‍රියාකරන්නේ පුරුදු පුහුණු වූ සමාජ ක්‍රමයක් බව අශෝක ධනවංශ කියා සිටී.

හෙතම වැඩිදුරටත් පවසන්නේ යහපාලනය නැමති කිරි හට්ටියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොම දමා ඇති බවයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ආරක්ෂකයින් පිරිසක් ඇයටම අයත් ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීම පිළිබඳ දේශපාලන සමාජය තුළ පුළුල් සංවාදයක් ඇතිව තිබේ.

සිදු කළ වැරැද්දෙන් – යහපාලනය දුෂණය වී ඇති බැවින් එය නිවැරදි නොකරන්නේනම්, එක්සත් ජාතික පාක්ෂිකයින් ඊට එරෙහිව නැගී සිටින බවයි දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ අවධාරණය කළේ.

Related posts

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

කරන්දෙණිය දිසා රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අද සිට

colombotoday

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

colombotoday