Colombo Today Local News

යහපාලන ආණ්ඩුව ජනතාවගේ අපේක්‍ෂා භංගත්වයට පත්කරනවා – රතන හිමි

ආණ්‌ඩුවේ සහ ජාතික හෙළ උරුමයේ මෙතෙක්‌ හෙළි නොකළ රහස්‌ රැසක්‌ ඉදිරි දින කීපය තුළ හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඉරිදා පුවත් පතකට පවසා ඇත.

තමන් වහන්සේ පාර්ලිමේන්තුවේ ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට හේතු සාධක රැසක්‌ බලපෑ බවද උන්වහන්සේ පවසති.

ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ රටේ ජනතාවගේ අපේක්‍ෂා දිනෙන් දින භංගත්වයට පත්වෙමින් යන බවත් රට යළිත් ගොඩ ගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා ඇදෙමින් පවතින බවත් උන්වහන්සේ කීහ.

මේ තත්ත්වය තුළ වත්මන් රජය බලයට ගෙන ආ පාර්ශවයන්ට තවදුරටත් නිහඬව සිටීමට නොහැකි යෑයිද රතන හිමියෝ අවධාරණය කළහ.

එසේම ජාතික හෙළ උරුමය තමන්වහන්සේට එල්ල කරන චෝදනා පිළිබඳවද කරුණු රැසක්‌ හෙළි කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

Related posts

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday

මහනුවර දිගන පොලව සෙලවේ

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත කියයි !

colombotoday

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday

සීමා නීර්ණ ගැසට් පත්‍රය නිකුත් වෙයි.. කොට්ඨාසවලට අයත් සභික සංඛ්‍යාව, සියළු විස්තර මෙතනින්

colombotoday