Colombo Today Local News

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (02)දින අලුයම 2.50ට පමණ අනතුරට ලක්ව තිබේ.

බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිඳ හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේ දී අඩි 40ක් පමණ ප්‍රපාතකට පෙරළී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් කථිකාචාර්යවරියන් සිව්දෙනෙක් හා කථිකාචාර්යවරයෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබු කථිකාචාර්යවරියන් අතර ගැබිනියක් ද වන බව අප වාර්තාකරු පවසයි.

අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අරගලයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි දෙනවානම් බස්වලටත් වන්දි ඉල්ලයි

Admin

ප්‍රියන්ත කුමාරගේ දේහයේ කොටස් නිවසට රැගෙන එයි

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

colombotoday

මහින්දානන්දට කොන්දක් නැහැ…. මාව විවේචනය කරන්නේ අත්දෙකේම ලේ තැවරුණු අය…

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත හෙට සිට

colombotoday

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

colombotoday