Colombo Today Local News

මෙවර නිදහස්‌ උළෙලේදී ජාතික ගීය පළමුවරට සිංහලෙන් හා දෙමළෙන්

මෙවර නිදහස්‌ උත්සවයේදී ප්‍රථම වතාවට ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් ගායනා කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇතැයි කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

කැබිනට්‌ තීරණ දැනුම්දීම සඳහා ඊයේ (28 වැනිදා) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ජාතික ගීය මෙතෙක්‌ කලක්‌ සිංහලෙන් පමණක්‌ ගායනා කළ අතර මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ලබන 04 වැනිදා ජාතික නිදහස්‌ දිනයේදී මේ අනුව ගායනා කෙරේ.

කැබිනට්‌ මණ්‌ඩලයේ එක්‌කෙනෙකු දෙන්නෙකු ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට විරුද්ධව කතා කළද තමා මෙන්ම අනෙකුත් කැබිනට්‌ මණ්‌ඩල සාමාජිකයන් එහි කිසිදු වරදක්‌ නොදකින බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය.

Related posts

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

colombotoday

කටුනායක ඇගළුම් කම්හලක තවත් සේවකයින් 11 කට කොරෝනා

colombotoday

අබුඩාබි හි පිපිරීමකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

colombotoday

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක් පත්කළා -අධිකරණ ඇමති

colombotoday

ජනප්‍රිය නිරූපිකාව විකුණා කුඩු ගැසු සැමියා පොලිසියට කොටු වෙයි

colombotoday

වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයි

Admin